Colombo Today Local News

ආවා මඩින්න යාපනයේ පොලිස් පාපැදි මුර සංචාර කණ්‌ඩායමක්‌

යාපනය දිස්‌ත්‍රික්‌කයේ හිස ඔසවා ඇති බව කියන “ආවා ගෲප්” ඇතුළු පාතාල කල්ලි, කොල්ල කල්ලි මැඬලීම සඳහා යාපනය හා කන්කසන්තුරේ පොලිස්‌ කොට්‌ඨාසවලට අයත් පොලිස්‌ වසම් 17 ක්‌ ආවරණය වන පරිදි පොලිස්‌ පා-පැදි මුර සංචාර කණ්‌ඩායමක්‌ ආරම්භ කෙරිණි. යාපනය පොලිස්‌ ස්‌ථාන පරිශ්‍රයෙන් එම පිරිස පිටත්වූහ.

යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති සංජීව ධර්මරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙම පා-පැදි මුරසංචාරය ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ආරක්‌ෂා කිරීමේදී අපරාධ හා ප්‍රචණ්‌ඩත්වයෙන් තොර විශ්වාසයෙන් ජීවත් විය හැකි සාමකාමී පරිසරයක්‌ උදාකරලීමේ ශ්‍රී ලංකා පොලිසියේ දැක්‌ම ක්‍රියාවට නැංවීමේ තවත් එක්‌ පියවරක්‌ ලෙස මෙය ආරම්භ කළ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රියන්ත ජයකොඩි මහතා  ඊයේ (21 වැනිදා) පැවැසීය.

යාපනය වැසියන්ට වඩාත් යහපත් පරිසරයක්‌ උදාකරදීම සඳහා යාපනය ප්‍රදේශයේ අපරාධ නිවාරණ, රථවාහන පාලනය, මත්පැන්, මත්ද්‍රව්‍ය හා වෙනත් දූෂණ වැටලීම්වලට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට නිසි උපදෙස්‌ මෙම කණ්‌ඩායම් වෙත ලබාදී ඇති බවත් එම සංචාරයන් තුළදී සෑම පොලිස්‌ වසමකම තෝරාගත් ස්‌ථාන දෙකකදී ක්‍ෂණික මාර්ග බාධක යොදා සැකකටයුතු වාහන, යතුරුපැදි හා පුද්ගලයන් පරීක්‌ෂාවට ලක්‌ කරනු ලබන බවත් ඒ මහතා කීය.

Related posts

බුදුන් වහන්සේට නිගා කළ තව්හිද් ජමාත්ට එරෙහි නඩුව අද කැදවයි

colombotoday

කෙසෙල් ගෙඩියක කොටසක් උගුරේ සිරවී බිළිඳෙක් මරු දකී

colombotoday

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයින්ගේ “අභද්‍ර වචන” වලට බොදු බල සේනා විරෝධය

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

Admin

හෝමාගම කර්මාන්ත ශාලාවකින් අමුතු දුමක්…. අවට ජනතාවට විශේෂ දැනුම්දීමක්

Admin

ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන් ‘සයිටම් විරෝධී‘ දොස්තරලායි.. ඔවුන් වහාම මර්ධනය කළ යුතුයි

colombotoday