Colombo Today Local News

“ජල ගාස්තු ඉහළ දමනවා.. විරෝධතා දක්වන්න ලෑස්ති වෙන්න එපා“ – හකීම්

ඉදිරියේදී ජල ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවත්, එසේ වුවහොත් බොරුවට විරෝධතා දැක්වීමට ඉදිරිපත් නොවන ලෙසත් නාගරික සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවූෆ් හකීම් මහතා පවසයි.

කුරුණෑගල තෝරයාය ප්‍ර දේශයේ උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“රුපියල් 48ක් වැනි මුදලකට අපි වතුර ලීටර් 1000ක් ගෙදරටම ගෙනැත් දෙනවා. ඒත් අද කඩේ වතුර ලීටර් භාගයක් රුපියල් 60 කට විකුණනවා. අපි විශාල පිරිවැයක් දරලා පාඩු විඳගෙනයි වතුර ටික දෙන්නෙ. ඒ නිසා ඉදිරියේදී වතුර ලීටරයක මිල ටිකක් ඉහළ යන්නට ඉඩ තිබෙනවා. එහෙම ගියා කියලා කවුරුවත් විරුද්ධ වෙන්න එපා කියලා දැන් තියාම කියනවා“ යැයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

22 ගැසට් කරයි

colombotoday

අත්‍යාවශය නොවන රජයේ සේවකයන්ට හෙට නිවාඩු දීමේ චක්‍රලේඛය නිකුත් කරයි

colombotoday

ගෝඨාභයට පාර්ලිමේන්තුවට එන්න මන්ත්‍රී ධූරයෙන් ඉවත්වෙන්න සීතා සූදානම්

colombotoday

කටුනායක – චෙන්නායි අතර ගුවන්ගමන් තාවකාලිකව නවතී

Admin

කසිප්පු මෙරටින් තුරන් කරන්න – ජනපති පොලිසියට දින දෙයි…

colombotoday

ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය ගැන සොයන්න විශ්‍රාමික විනිසුරුවරියක් පත් කරයි

colombotoday