Colombo Today Local News

විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම් අරුණි විජේවර්ධන

විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම් ධුරයට අරුණි විජේවර්ධන මහත්මිය පත්කර තිබේ.

ඇය වසර 34 ක් ශ්‍රී ලංකා විදේශ සේවයේ කටයුතු කළ සාමාජිකාවකි.

ඇය කලක් ඔස්ට්‍රියාවේ තානාපතිනිය සහ වියානාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානවල නිත්‍ය නියෝජිතවරිය වශයෙන් ද සේවය කර ඇත.

එමෙන්ම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ, මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සහ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ යනාදී විදේශ රටවල පිහිටි දූත මණ්ඩලවල ද ඇය සේවය කර තිබේ.

එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ලබා ගත් ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධි ලබා ගෙන තිබේ.

Related posts

Abby and Brittany විවාහ දිවියට

Admin

අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සමඟ සැකකරුවෙකු අල්ලයි

Admin

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්

colombotoday

Facebook තහනම ඉවත් කරන්න – ජනපති විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම්දෙයි

colombotoday

විදුලිබල මණ්ඩලේ වැටුප් එක්කම ලයිට් බිලත් ඉහළට

colombotoday

“ඥාණසාර හිමි සගවාගෙන ඉන්නේ ආණ්ඩුවෙන්“ නෝම්බි ඇරිමේ උත්සවයේ දී මහින්ද කියයි

colombotoday