Colombo Today Local News

විදුලිබල මණ්ඩලේ වැටුප් එක්කම ලයිට් බිලත් ඉහළට

විදුලි ගාස්තු ඉහළ නැංවීම ගැන මුදල් අමාත්‍යාංශය – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හා ලංකා විදුලිබල මණ්ඩලයීය අභ්‍යන්තර තිබෙන සාමූහික ගිවිසුමක් මත 2018 ජනවාරි සිට විදුලි ගාස්තුව ඉහළ දැමීමට තීරණය කර ඇත.

ගිවිසුම අනුව ඉහළ දැමෙන විදුලි ගාස්තු ප්‍රතිශතය 10%කි. විදුලිය ඒකක මට්ටමින් ගණන් බැලුවහොත් එක් විදුලි ඒකකයක මිල රුපියල් 1.60කින් පමණ ඉහළ යනු ඇතැයි දැනගන්නට තිබේ.

මෙම විදුලිය ගාස්තු 10%කින් ඉහළ දැමීමට සාපේක්‍ෂව 2018 සිට විදුලිබල මණ්ඩලය සේවකයන්ගේ වැටුප 25%කින් ඉහළ දැමිය යුතු යැයිද අදාළ ගිවිසුමේ සඳහන්ය. විදුලිබල හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන්ද මෙකී ගිවිසුමට අත්සන් තබා ඇත.

සංජීවිකා සමරතුංග (දේශය)

Related posts

අගමැති අද ජාතිය අමතයි

colombotoday

UN, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය දේශපාලන පරිවර්තනය පිළිබඳව කනස්සල්ලෙන්

colombotoday

21 වන දා කොළඹ ප්‍රදේශ රැසකට පැය 9ක ජල කප්පාදුවක්

Admin

තිළිණි ප්‍රියමාලිව මුදාහරී

Admin

UN නියෝජිතයාට හිටපු කොටින් හමුවෙන්න අවසර දුන්නේ කවුද? – ජනපති අසයි !

colombotoday

මහින්ද ඝාතනයට ආ කොටියාට සමිතා නවාතැන් දීලා.. ජොන්ස්ටන්ගේ කුප්‍රකට කොටි නැටුම නැවතත් කරළියට !

colombotoday