Colombo Today Local NewsCovid 19

රට Lock Down කළොත් එදා වේල හම්බකරන් කන මිනිස්සුන්ට මොකද වෙන්නේ ?

කොරෝනා වසංගත තත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකාව ලොක් ඩවුන් කිරීමකට යනවාද යන්න අද සවස පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු කළ විමසුමකට පිලිතුරු දුන් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි එය සිතන තරම් පහසු කටයුත්තක් නොවන බව දන්වා සිටියාය.

තමා අද දින ජනපති සමග කාර්ය සාධන රැස්වීමේදීද මේ ගැන කතා කළ බවත් එහිදීද තීරණය වූ ආකාරයට පහසුවෙන් මේ දෙය කළ නොහැකි බවත් දන්වා සිටියාය. තමා රත්නපුර ප්‍රදේශයේ මන්ත්‍රීවරියක ලෙස ජනතාව සමග ගැවෙසෙන බවත් කුලී වැඩක් සොයාගෙන එදා වේල කන ජනතාවගේ දුක තමන් හදුනන බවත් එලෙස අර්ථික අසීරුතා ඇති වැඩිමනක් සිටින ලංකාවේ අය මේ ආකාරයට නිවෙස් වල රදවා දින 14 ක් පමණ තබන්නට සිදුවුවහොත් කන්නට දෙයක් නැතිව ගැටලු මතුවිය හැකි බවද කන්නට බොන්නට සියල්ලන්ට සපයා අත්‍යවශ්‍ය සේවා සැපයීමට විධිමත් ක්‍රමවේදයක් සැකසීම අපහසු බවද කියා සිටියාය.

ආර්ථික ප්‍රශ්න පවතින ලංකාව වැනි රටක ලොක් ඩවුන් කිරීමකට යාම අසීරු බව පෙන්වා දුන් ඇය අවශ්‍යම වුවොත් පමණක් ඒ තත්වයට යාම සිදුවිය හැකි නමුත් ඊට ඉක්මන් නොවන බව කීවාය.

Related posts

රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීම ලබන සඳුදා

colombotoday

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක්

colombotoday

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උණුසුම් තත්ත්වයක්

colombotoday

බස්නාහිර සභාවේ මහ ගාලගෝට්ටියක්.. සෙංකෝලයත් කඩයි !

colombotoday

පූජ්‍ය පක්ෂයට හානියක් නෑ – අගමැති

colombotoday

මාතර විරෝධතාකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස්… 8 දෙනෙක් අත්අඩංගුවට

colombotoday