Colombo Today Local News

රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීම ලබන සඳුදා

රාජ්‍ය ඇමැතිවරුන් තිස්පස් දෙනකු ලබන සඳුදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වූ පසු රාජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දෙන බව ජනාධිපතිවරයා හිටපු රාජ්‍ය ඇමැතිවරුන් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි.

රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කර වෙනම වැය ශීර්ෂයක් වෙන් කරමින් පත්වීම් ලබාදිය යුතු බව හිටපු රාජ්‍ය ඇමැතිවරු එහිදී අවධාරණය කර තිබුණි. රාජ්‍ය ඇමැති ධුර කඩිනමින් ලබා නොදුනහොත් අයවැයේදී සහයෝගය ලබා නොදෙන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු රාජ්‍ය ඇමැතිවරු දැනුම් දී තිබේ. හිටපු රාජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව තිස් හතරකි.

Related posts

කැනඩා මහකොමසාරිස් සහ විදේශ ඇමති අතර හමුවක්

colombotoday

දෙහිවල රතිබිම්බාරාම පාර, ඇළඉවුර ප්‍රදේශය හුදකලා කෙරේ

colombotoday

විපක්ෂ නායක හිටපු ජනපතිනිය හමුවෙයි

colombotoday

දකුණේ වෛරසයෙන් ළමුන් 11ක් මරු දකී..

colombotoday

නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කළ රාහුල් ගාන්ධිට සිරදඬුවමක්

Admin

යකඩ පොල්ලකින් පහර කෑ පුද්ගලයෙක් මිය යයි

Admin