Colombo Today Local News

මංගල සහ එමානුවෙල්ගේ ජිනීවා කසුකුසුව සහ රට පාවා දීම

මේ සමාන්තර රැස්‌වීමට සහභාගි වූ වැඩි දෙනා ඊළාම් ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් ඔවුන් අතර දෙදෙනකුට සීමා වූ රාජ්‍ය නොවන සංවිධානයක්‌ පිහිටුවාගෙන සිටින කිරුබාකරන් හෙවත් කිරුබා නමැත්තාද ඊට සම්බන්ධ විය. ඔහුගේ අතිජාත මිත්‍රයා ලෙස කටයුතු කරන්නේ ව්‍යාජ මරණ තර්ජන පිළිබිඹු කර මෙරටින් ස්‌විස්‌ටර්ලන්තයට පැනගොස්‌ චොපර් පාපැදි පදිමින් වරප්‍රසාද භුක්‌තිවිඳින 1971 කැරැල්ලේ චූදිතයකු වූ රංජිත් නමැත්තායි.

මනෝ තිත්තවැල්ල මෙහිදී තවත් ප්‍රකාශයක්‌ කළේය. රජය නව ත්‍රස්‌ත මර්දන කෙටුම්පතක්‌ ගෙන ඒමට කටයුතු කරන බවත් එය ඉතා හොඳ පණතක්‌ බවත් ඔහු පළකළේය.

මේ අතර හමුදාවට දඬුවම් කිරීමේ ක්‍රමයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා වසර දෙකක්‌ කල්දීමේ යෝජනාවක්‌ ගෙනඒමට බ්‍රිතාන්‍ය රජය සැලසුම් කර තිබුණි.

මේ යෝජනාවේ සම අනුග්‍රහකයා ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරන බව අනාවරණයයි.

ලෝක ඉතිහාසයේ කිසිදු රටක්‌ තම හමුදාවට දඬුවම් කිරීමේ යෝජනාවකට එකඟත්වයක්‌ නැත.

ඉන්දියන් හමුදා සෙබළුන් 800 කට අධික පිරිසක්‌ මානව හිමිකම් උල්ලංඝණය කළ බවට වාර්තා වූ අවස්‌ථාවේ මෝදි රජය මානව හිමිකම් නිරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ ඉන්දියාවට එවීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ කළේය.

එහෙත් 2015 ඔක්‌තෝබර් 1 දා සම්මත වූ ජිනීවා යෝජනාව හෙවත් ශ්‍රී ලංකා හමුදාව සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ වගවීමේ මෙහෙයුම ඉටුකිරීමට රජය 2018 දක්‌වා කල් ඉල්ලා සිටියේය.

මේ නව යෝජනාවෙන් ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට අපට කල් ලැබෙන බවට රජය බලාපොරොත්තුවන බව මනෝ තිත්තවෙල තවදුරටත් සඳහන් කරනු ලැබීය.

ශ්‍රී ලංකා රජය බ්‍රිතාන්‍ය රජයේ සහායෙන් තම හමුදාවට දඬුවම් කිරීමට කල් ඉල්ලන අවස්‌ථාවේ රට තුළ සිටින සතුරන් ඊට එරෙහි විය. ඒ වෙනින් කවුරුත් නොව කොටින්ගේ යුද අපරාධවලට සම්බන්ධ ද්‍රවිඩ සංධානයයි.

මෙම ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රීවරු 11 ක්‌, ඒකාබද්ධ නිවේදනයකට අත්සන් කරමින් රජයට තවත් කල්දීමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා රජය එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට යොමුකරන ලෙසද ඉල්ලා සිටියහ.

මේ නිවේදනයට එස්‌. ශ්‍රීධරන් සෙල්වම් අඩෙයිකලානන්දන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, එස්‌. යෝගේශ්වරන්, ශිවශක්‌ති ආනන්දන්, ජී. ශ්‍රීනේසන්, චාල්ස්‌ විමලනන්දන්, ශාන්ති ශ්‍රී ස්‌කන්ධරාජා, සිවමෝහන්, එස්‌. විජයලන්දන්, කේ. කොඩිෂ්වරන් යන ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරුද හිටපු ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන්ද රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිsරිසක්‌ ද අත්සන් කර තිබුණි.

ඔවුන්ට අමතරව රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන ඊළාම් සංවිධානය හා බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයද එම ඉල්ලීමට එකඟත්වය පළකර තිබුණි.

ඒ වන විට රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව ජාත්‍යන්තර නීති විශාරදයන් දෙදෙනෙක්‌ ද ජිනීවා වෙත ගෙනවිත් තිබුණි.

රොජර් රොජර්ස්‌ සහ ඇන්ඩෲ ලානුස්‌ නමැති මෙම නීතිවේදීන් දෙදෙනා මානව හිමිකම් කොමසාරිස්‌ වෙත වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කරන ලෙස ඉල්ලා ඇත. එම ඉල්ලීම මානව හිමිකම් කොමසාරිස්‌ පිළිගත් බව සනාථ වූයේ ඔහුගේ පිටු 18 ක වාර්තාවේ අඩංගු වූ නිර්දේශවලිනි.

මේ නිර්දේශ කීපයක්‌ මෙසේය.

1. රජයේ සංහිඳියා කාර්ය සාධක බළකායේ වාර්තාව අනුගමනය කරනු. කොටින්ට මහාවිරු දිනය සැමරීමට ඉඩදි යුතු බවට දක්‌වා ඇත්තේ මෙම වාර්තාවෙනි.

2. මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලයක්‌ ශ්‍රී ලංකාවේ ආරම්භ කරනු.

3. මානව හිමිකම් ක්‍රියාකාරීන් ගැන සෝදිසි කිරීම් අත්හිටුවනු.

4. ආරක්‍ෂක හමුදාව ප්‍රතිසංස්‌කරණයට ලක්‌කරනු.

5. හමුදාවේ වාණිජ කටයුතු නතර කරනු.

6. ත්‍රස්‌ත මර්දන පණත වෙනස්‌ කරනු.

7. ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කරනු.

8. ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතියට අත්සන් කරනු.

එසේම මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ රටවල්වලින්ද මානව හිමිකම් කොමසාරිස්‌වරයා ඉල්ලීමක්‌ කර ඇත.

අතුරුදන් කිරීම, වධහිංසා සිදුකිරීම සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝණය කිරීම්වලට වගකිවයුතු අයව ජාත්‍යන්තර විශ්ව සම්මුතිය යටතේ විමර්ශන අරඹා චෝදනා ඉදිරිපත් කළ යුතු බවද ඔහු තම වාර්තාවේ සඳහන් කර තිබේ.

එහි අර්ථය නම් චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන් විදේශගත වූ විට විශ්ව සම්මුතිය මත ඔවුන්ව අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌ ඉල්ලා සිටීමයි.

මේ අතර වසර 2018 වනවිට ශ්‍රී ලංකා හමුදාව පිළිබඳව වගවීමේ ක්‍රියාවලිය දියත් කරන බවට විදේශ ඇමැතිවරයා මානව හිමිකම් සමුළුවට පොරොන්දු වීම අතිශයින්ම භයානක ක්‍රියාවලියකි.

මේ අතර ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරු 11 ක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සංදේශයක්‌ යෑවීමේ පුවත ද්‍රවිඩ සන්ධාන නායකත්වයට වාර්තා විය.

එම සංදේශයට අත්සන් කළ මන්ත්‍රීවරුන් පිළිබඳව නිරීක්‍ෂණය කිරීමේදී ගනේෂන්, ශාන්ති ශ්‍රී ස්‌කන්ධරාජා සහ කොඩිස්‌වරන් යන මන්ත්‍රීවරු තමන් ඊට අත්සන් නොකළ බව ප්‍රකාශ කර ඇත.

එසේ නම් එම සංදේශය ජිනීවා වෙත යෑවීමට මුල්වූ දේශපාලකයා එකී තිදෙනා වෙනුවෙන් හොර අත්සන් ගසා ඇති බව අනාවරණය වේ.

මේ තක්‌කඩි ක්‍රියාදාමයට සමාන තවත් සිද්ධියක්‌ ද අනාවරණය වී ඇත. ඒ ශ්‍රී ලංකාවට ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා කල් දෙන ලෙස ඉල්ලා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 82 ක්‌ සහ සංවිධාන 15 ක්‌ මානව හිමිකම් කවුන්සිලයට සංදේශයක්‌ යෑවීමයි. මේ සංදේශයේ නම සඳහන් වූ ද්‍රවිඩ මහාචාර්යවරයකු ප්‍රකාශ කළේ තමා ඊට අත්සන් නොකළ බවයි. එසේම සංදේශයට අත්සන් කළ බව කියන ද්‍රවිඩ පියනමක්‌ද තමාට එහි ඇති ඇතැම් කරුණු පෙන්නුම් කළේ නැති බවට චෝදනා කර ඇත.

මේ සංදේශය ජිනීවා වෙත යවා ඇත්තේ නෝර්වේ අරමුදල් ලබන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පර්යේෂිකාවක්‌ බව අනාවරණය වී තිබේ. එම සංදේශය තුළින් මානව හිමිකම් කවුන්සිලය නොමග යෑවීමට උත්සාහ දරා ඇති බව සනාථ වී ඇත.

එහි මෙලෙස සඳහන් කර ඇත.

“රජයේ සංහිඳියා කාර්ය සාධක බළකාය මේ මාසයේදී ප්‍රකාශයට පත්කළ වාර්තාවට රට පුරා සිටින ජනතාවගෙන් ප්‍රගතිශීලී කොටස්‌වල සහාය ලැබී ඇති බව තහවුරු වී ඇත.

මේ ප්‍රකාශය මුළුමණින්ම සාවද්‍ය නොවේද? කොටි මහාවිරු දිනය සැමරීමට ඉඩදිය යුතු බවට දැක්‌වෙන නිර්දේශ ඇතුළත් බව වාර්තාව අධිකරණ ඇමැති පවා ප්‍රතික්‌ෂේප කරද්දී සහාය දුන් ජනතාව කවුද?

හොරුන්ගෙත් හොරු කම්බා හොරු යනුවෙන් කියමනක්‌ ඇත. වාර්තාව කෙටුම්පත් කිරීමට දායක වූයේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නායක පී. සරා හෙවත් සාත්‍යයෝගි සරවනමුත්තුයි. ඔහු එම සංහිඳියා කාර්ය සාධක බළකායේ ලේකම්ය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සංදේශයක්‌ ඉදිරිපත් කර ඇත්තේ පී. සරාගේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයයි. මෙය මුළුමණින්ම විහිළුවක්‌ නොවේද?

ශ්‍රී ලංකාවට දිගටම සහය යන තේමාව යටතේ එම සංදේශයට ඉන්දියාවේ බැන්ගලෝරයේ සිටින ඊළාම්වාදියකු වූ පෝල් නිව්මන්ගේ නමද ඇතුළත් කර තිබුණි.

ජිනීවා මානව හිමිකම් කරළියට මුවාවී මෙවන් දීන ක්‍රියා සිදුවන අවස්‌ථාවේ විදේශ ඇමැති මංගල සමරවීරද ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති හොර සංවිධානයේ ඇමැතිවරයකු යෑයි හඳුන්වා ගත් තක්‌කඩියකුගේ පරිභව කිරීමට ලක්‌විය.

මානව හිමිකම් කොමසාරිස්‌ හුසේන් මෙම හොර සංවිධානයටද මානව හිමිකම් සමුළුවේ දොර විවෘත කර තිබුණි.

සමරවීර මහතා මානව හිමිකම් සමුළුව අමතා පිටව යන අවස්‌ථාවේ විදේශ ඇමැති “ආණ්‌ඩුව ජාත්‍යන්තර ප්‍රජාවට බොරු කියන්නේ යෑයි එම තක්‌කඩි ඊළාම්වාදියා ප්‍රශ්න කළේය. එහෙත් එම ප්‍රකාශයට ඇමැතිවරයා ප්‍රතිචාර දක්‌වා නැත. මොහු මානිවන්නන් නමැත්තෙකි.

මේ අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධව ආරම්භ වූ විවාදයේ අයර්ලන්ත මන්ත්‍රී ඉයන් බේස්‌ලි මෙලෙස ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණවලට අපි විරුද්ධයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ කළ යුතු යෑයි අපි අනිකුත් රටවලට කියන්නේ කුමකටද?

බේස්‌ලිගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්‌වූ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු පැවසුවේ මේ ජිනීවා යෝජනාව ශ්‍රී ලංකා රජය එකඟවී අත්සන් කළ දෙයක්‌ බවයි.

එසේ නම් සනාථ වන්නේ කුමක්‌ද? ඒ ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය හමුවේ සියතින්ම බෙල්ලට තොණ්‌ඩුව දමා ගැනීම නොවේද?

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් පාර්ලිමේන්තුවට නොදන්වා නීති විරෝධී ලෙස ඉරාකයට හමුදාව යෑවීමෙන් සිවිල් වැසියන් ලක්‍ෂයකට අධික පිරිසක්‌ ඝාතනය විය.

ඒ සම්බන්ධව පැවැත් වූ චිල්කොට්‌ පරීක්‍ෂණයෙන් ටෝනි බ්ලෙයාර්ට යුද අපරාධ චෝදනා එල්ල විය.

එහෙත් බ්‍රිතාන්‍යයේ ටෝනි බ්ලෙයාර්ට හා බ්‍රිතාන්‍ය හමුදාවට දඬුවම් කළ යුතු යෑයි දක්‌වමින් ජිනීවා යෝජනාවක්‌ ගෙන ආවේ නැත. මානව හිමිකම් කොමසාරිස්‌ යෙසිද් රාද් හුසේන්ද බ්‍රිතාන්‍ය හමුදාවට එල්ල වූ යුද අපරාධ චෝදනා වසන් කළේය.

මේ පසුබිම මැද ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදී රැඳවියන් මුදාහැරිය යුතු බව පවසන මානව හිමිකම් කොමසාරිස්‌ ජෝර්දාන් රජය බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධව ත්‍රස්‌තයන් 10 ක්‌ එල්ලා මරා දැමීමේ ක්‍රියාව අමතක කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කිරීම සඳහා වසර දෙකක්‌ කල් දීමේ බ්‍රිතාන්‍ය යෝජනාවේ කෙටුම්පත පසුගිය සිකුරාදා විදේශ තානාපතිවරුන්ට මෙන්ම ඊළාම් ඩයස්‌පෝරාවටද ලැබී තිබුණි.

එම යෝජනා කෙටුම්පත නිලවශයෙන් මාර්තු 16 දා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිත වූ අතර ඡන්ද විමසීම මාර්තු 22 දා පැවැත්වීමට තීරණය විය.

මෙවන් පසුබිමක්‌ මැද පසුගිය මාර්තු 4 දා පලාලි ගුවන් හමුදා කඳවුරේ නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එන්.ජී.ඕ. සංවිධාන කියන කියන විදියට හමුදාවට නඩු දාන්න සූදානම් නැති බවත් මානව හිමිකම් කොමසාරිස්‌ගේ හයිබ්‍රිඩ් යෝජනාව තරයේ ප්‍රතික්‌ෂේප කරන බව ප්‍රකාශ කළේය.

එහෙත් ඒ වන විට හමුදාවට එරෙහිව වසර දෙකකදී කටයුතු කරනවා” විදේශ ඇමැතිවරයා ප්‍රතිඥ දී ඊට එකඟත්වයද පළකර ඇත. මේ නිසා මෙවර ජිනීවා සමුළුවේදී වගවීමේ ක්‍රියාදාමය ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකාවට නියමිත කාලසීමාවක්‌ නියම වීමටද ඉඩ ඇති බව වාර්තා වේ.

එසේ වූවත් ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට විශාල ජයක්‌ හිමිකරගෙන ඇති බවට සාවද්‍ය ප්‍රචාරයක්‌ද දියත් වී ඇත.

මේ අතර පසුගිය සඳුදා කොටි ඩයස්‌පෝරාව ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක්‌ පවත්වමින් ශ්‍රී ලංකා හමුදාව ජාති සංහාරයක යෙදුණු බවට චෝදනා නැගූහ.

කොටින්ගේ මේ උද්ඝෝෂණයට මාර්තු 22 දා එම ස්‌ථානයේදීම ප්‍රතිචාර දැක්‌වීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ඉදිරිපත් වී ඇත.

මේ අතර ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනයට අනිවාර්යයෙන්ම හයිබ්‍රිඩ් අධිකරණයක්‌ අවශ්‍ය බව ස්‌විස්‌ටර්ලන්තය, ඔස්‌ටේ්‍රලියාව සහ යුරෝපා සංගමය මානව හිමිකම් සමුළුවට දැනුම් දී එම පරීක්‍ෂණයට කාල වකවානුවක්‌ නියම කරන ලෙසද ඉල්ලා ඇත.

රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානයේ මනිවන්නන් නමැත්තා ඊට එරෙහිව ශ්‍රී ලංකාවට හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයට ගෙනයා යුතු බව කියා සිටී. නමුත් ඊට ප්‍රතිචාරයක්‌ ලැබුණේ නැත.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ස්‌විස්‌ටර්ලන්තය ක්‍රියාකළේ ඊළාම් ඩයස්‌පෝරාවේ නියෝජිතයන් මෙනි. මෙහිදී අයර්ලන්තයද ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාමාර්ගය සිදුවන ආකාරය ගැන නොසතුටට පත්වී ඇත.

Related posts

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තා ජනපතියි, සියල්ල දැන දැනත් ඔහු ප්‍රහාර වලකන්න කටයුතු කළේ නෑ…

colombotoday

පාස්කු ත්‍රස්තයන් සමග හකීම්ගේ සබඳතා තහවුරුයි..පොලිසිය අධිකරණයට දන්වයි

colombotoday

“සොබා දහමට විරුද්ධ වූ නිසා දඬුවම් ලැබුණා“ කුණු කන්ද කඩාවැටීම ගැන පොලිස්පතිගේ විග්‍රහය (VIDEO)

colombotoday

බදුර්දීන්ගේ කුළීකරුවෝ සගවන විල්පත්තු සංහාරයේ ඇත්ත මෙන්න !!

colombotoday

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායකට ඇමැරිකාවෙන් ඉහළම සම්මානයක්

colombotoday

ඉන්දන පිරවුම්හල්වල පෙට්‍රල් නෑ. – තෙල් හිගයක් නොමැති බව ඇමති කියයි.

colombotoday