Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තා ජනපතියි, සියල්ල දැන දැනත් ඔහු ප්‍රහාර වලකන්න කටයුතු කළේ නෑ…

අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර වල වැළැක්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව පොලිස්පති ධූරයෙන් නිවාඩු යවා තිබෙන පූජිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය මේ බව වාර්තා කරයි.

එම බෝම්බ ප්‍රහාර වැලැක්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවද පවසන ඔහු තමන් විසින් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී පිළිබඳ කරගෙන ගිය පරීක්ෂණ නවතන්නැයි රාජ්‍ය බුද්ධි අංශය විසින් තමනට අණ කළ බවද කියා සිටී.

ජනාධිපතිවරයා යටතේ රාජ්‍ය බුද්ධි අංශ හා ආරක්‍ෂක අංශ අතර සබදතා බිද වැටී ඇතැයිද පෙත්සමේ පෙන්වා දී ඇත.

Related posts

ජනපති අද ජාතිය අමතයි

colombotoday

සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල දිගටම වසා තබයි. දෙපාර්තමේන්තුවට දිනකට රු මිලියන 17 ක ඉතිරියක්

colombotoday

ඉන්ෆ්ලුවන්සා A වෛරසය දරුවන් අතර ව්‍යාප්තිය ඉහළට

Admin

උසස් පෙළ විභාගය පිළිබඳ විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

colombotoday

මැතිවරණ දිනය තීරණය කිරිමට කොමිෂම අද රැස්වෙයි

colombotoday

බොරැල්ලේ සිරිසුමන හිමිට වරෙන්තු

Admin