Colombo Today Local News

බැදුම්කර මගඩියෙන් එජාපයේ සායම හේදෙයි… හොරු කවුදැයි රවී හෙළි කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව තමා යටතේ නොතිබූ බව පැවැසීමෙන් රවි කරුණානායක මන්ත්‍රිවරයා ප්‍රසිද්ධියේම බැඳුම්කර මගඩියට වරදකරු තමා නොව අගමැති රනිල් වික්‍රමසිංහ යැයි අනියමාර්ථයෙන් පවසා අවසන් බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් පවසයි.

ඔහු මේ බව පැවැසුවේ ඊයේ (11දා) ජානිපෙ පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී ඔහු මෙසේද පැවැසුවේය.

මේ වන විට එක්සත් ජාතික පක්ෂය තේරුම් අරගෙන තියෙනවා බැඳුම්කර මගඩියෙන් මුළුමහත් එ.ජා.ප.යේම සායම හේදිලා ගියා කියලා. අවාසනාවකට පසුගියදා පාර්ලිමේන්තුවේ නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට සිදු වුණේ අගමැතිවරයා ඉතා කූට ලෙස පාර්ලිමේන්තු වරප්‍රසාද යොදාගෙන මේ සිද්ධිය වෙනතකට යොමු කිරීමේ ප්‍රකාශ ඉදිරිපත් කිරීමයි.

පසුගියදා පාර්ලිමේන්තුවට බැඳුම්කරයේ ජනාධිපති කොමිෂන් වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතවයි තිබුණේ. හැබැයි ඒ වාර්තාව ඉදිරිපත් වුණේ නෑ. ඒ හරහා වුණේ අගමැතිවරයා තමන්ගෙ බලතල පාවිච්චි කරලා කතානායකවරයාව යටපත් කරගෙන අවස්ථාව අරගෙන පාර්ලිමේන්තුව ඇතුළෙ ගුටි බැට හුවමාරු වන තත්ත්වයක් දක්වා තීව්‍ර කළා.

අනාවරණය වුණු කරුණක් තමයි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ 2016 වර්ෂයේ ලාභය රුපියල් බිලියන 5ක්. එතකොට ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ සඳහන් වෙනවා රජයට වුණු අලාභය රුපියල් මිලියන 11,145යි කියලා. බිලියනවලින් කියනවා නම් බිලියන 11.45යි. එතකොට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභය සඳහන් වෙන්නේ බිලියන 5යි. එතැනදී තේරෙනවා බිලියන 6ක් කොහේ හෝ අතුරුදන් වෙලා තියෙනවා කියලා.

අපි විශ්වාස කරනවා මේ රුපියල් කෝටි 600 තමයි, මේ රුපියල් මිලියන 6,000 තමයි සන්තෝෂම් වශයෙන්, වරප්‍රසාද වශයෙන්, අල්ලස් වශයෙන් මේ ගනුදෙනුවේ විවිධ අයට ගෙවපුු මුදල් කියන එක. ඒවා තමයි මේ ගිණුමේ සඳහන් වෙලා නැත්තේ.

මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහත්මයා කියනවා ඒ අය ගණනය කරපු විදියට රුපියල් ටි්‍රලියනයක් කියලා මේ පාඩුව. රුපියල් ටි්‍රලියනයක් කියන්නේ රුපියල් පන්දහසේ කොළවලින් ලංකාවෙම වෙරළ තීරයම ඔතන්න පුළුවන් වගේ මුදල් ප්‍රමාණයක්. මේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නයි මේ පැහැදිලි කරන්නේ. ඔන්න බැඳුම්කර මගඩියෙන් වෙච්ච පාඩුව. ඒ නිසා මෙය සැබෑ ලෙසම ජනතා අධිකරණයේ විනිශ්චයට භාජන විය යුතුයි.

Related posts

මලියදේව ශාන්ත ආනා බිග් මැච් අතරතුර වාහන 20ක් අත්අඩංගුවට

colombotoday

ෆොන්සේකාගේ වැඩක් නිසා, සිංහරාජය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවතට !

colombotoday

“දැන් 69 ලක්ෂයට ඇපත් නෑ.. ආණ්ඩුව කළේ සැප ගත්ත එක “

colombotoday

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය පාවාදෙන අවසන් මෙහෙයුමත් ඇරඹෙයි !

colombotoday

උතුම් නවම් පොහොය අදයි !

colombotoday

කාන්තන්කුඩියේ ඇතැම් අයගේ සිත්වල අන්තවාදය තියෙනවා. | හිස්බුල්ලා පාස්කු කොමිසමේදී පිළිගනියි.

colombotoday