Colombo Today Local Newsextremism & terrorism activities

කාන්තන්කුඩියේ ඇතැම් අයගේ සිත්වල අන්තවාදය තියෙනවා. | හිස්බුල්ලා පාස්කු කොමිසමේදී පිළිගනියි.

අන්තවාදය යළි හිස එසවීමක් නොවනු ඇතැයි පොරොන්දු විය නොහැකි බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පැවැසීය.

හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මේ බව සඳහන් කළේ කොමිසම හමුවේ පෙරේදා (25 වැනිදා) සාක්ෂි දෙමිණි.

එහි දී කොමිසමේ සාමාජික විනිසුරුවරයා විමසා සිටියේ තවමත් කාන්තන්කුඩියේ ඇතැම් අයගේ සිත්වල අන්තවාදය තියෙනවා නේද, ඔවුන් යළි සහරාන්ලා වගේ අන්තවාදයකට යොමු වෙන්නේ නැහැ කියලා ඔබට සහතික වෙන්න පුළුවන්ද යන්නය.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ ‘‘ඔව් ඇතැම් අයගේ සිත්වල තියෙනවා. මට එහෙම හිස එසවීමක් වෙන්නේ නැහැයි කියලා පොරොන්දු වෙන්න බැහැ.’’ යනුවෙනි.

Related posts

මහින්ද සගයෝ ‘නෙළුම් පොහොට්ටුවෙන්’ පුංචි ඡන්දයට

colombotoday

යල කන්නයේ වගා හානි වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය

Admin

තෙරුවනට අපහාස කළ වීඩියෝවේ පරීක්ෂණ වාර්තාවට බාලගිරි දෝෂය… නඩුව නීතිපති හමුවට.

colombotoday

කොටි මහවිරු සමරුවලට රජයෙන් අවසර නෑ…

colombotoday

වතු වගාව විනාශයි – වතු කම්කරු සංගමය

colombotoday

මත්තල ඉන්දියාවට.. යෝජනාව ළගදීම කැබිනට් අනුමැතියට !

colombotoday