Colombo Today Local News

“දැන් 69 ලක්ෂයට ඇපත් නෑ.. ආණ්ඩුව කළේ සැප ගත්ත එක “

ආණ්ඩුව පත්වූ දවසේ සිට අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, වංචනිකයින්ට අඩුවක් නැතිව සැප ලැබුණු බවත්, 69 ලක්ෂය ඇතුළු ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එදා වේල කන්නටවත් නොහැකි තරමට අසරණව සිටින ජනතාවගෙන් තවත් කැපකිරීම් කරන්න යැයි ආණ්ඩුවේ සමහරු ඉල්ලා සිටීම තරම් විහිලුවක් තවත් නැතැයිද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

ජනතාව කැපකිරීම් කරද්දී ආණ්ඩුව කළේ සැපගැනීම බවත් ලුණුගම්වෙහෙර නගරයේ පැවති ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව”ට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

නගරයේ ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකතුමා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ ” පවුල් පාලනය රටේ විනාශය” කැමති අත්පත්‍රිකාව ද එහිදී ඔවුන් අතර බෙදා දුන්නේය.

Related posts

සජිත් පන්සල් හදන්නේනිධන් තියෙන තැන්වල – අම්පිටියේ සුමනරතන හිමි

colombotoday

මව – දරුවන්ගේ විලාප මැද කුඩු ජාවාරම්කරුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

colombotoday

“S තුනෙන් බාල වෛද්‍යවරු බිහිකරන කොතලාවල පනත එපා” – වෛද්‍ය සිසුන් පාර්ලිමේන්තුව අසල විරෝධතා

colombotoday

ශානි නැවතත් රිමාන්ඩ්

colombotoday

HNDA ඩිප්ලෝමාව උපාධිය හා සම තත්වයට

colombotoday

රන්ජන් මීගමුව දිසා අධිකරණයට රැගෙන එයි

colombotoday