Colombo Today Local News

පොහොට්ටුවේ ජනාධිපති අපෙක්ෂකයා ගෝඨාභය… රාජපක්ෂ පවුල ඒකමතිකව තීරණය කරයි…

මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට රාජපක්ෂ පවුලේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවක දී තීරණය වී ඇති බව අද ලංකාදීප පුවත්පත වාර්තාකරයි.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී මෙම සාකච්ඡාව පැවැත්වුණේ පසුගිය 14 වැනිදා බවද එහිදී මෙම එකඟතාවයට පැමිණ ඇතැයිද වාර්තාවේ සඳහන් වෙයි.

මෙදින පැවැති සාදයක් සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු සාමාජිකයන් සහභාගී වී ඇති බවත් කිසිදු බාහිර පුද්ගලයෙකුට සහභාගී වී නැති බවත් එහි සඳහන් වේ.

පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා දිනවීමේ වගකීම බාරගෙන තමන් රට පුරා යාමට තමන් සූදානම් යයි බැසිල් රාජපක්‍ෂ මහතා පැවසූ බවද වාර්තාවේ දැක්වෙයි.

මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහතුන් මෙම හමුවට එක්ව සිටි බව ද පැවැසේ.

මේ සමගය ගෝටාභට රාජපක්‍ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාය ඉවත් කර ගැනීමේ කටයුතු වේගවත් කර ඇති බවද තව දුරටත් වාර්තා වෙයි.

Related posts

අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්⁣⁣ට දැනුම් දීමක්

colombotoday

තහනම ඉවත් කිරීමෙන් පසු මාළු ටොන් 78ක් යුරෝපයට

colombotoday

ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීම අරඹයි

Admin

පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා ගැන තොරතුරු රැසක් හෙළි වේ

colombotoday

සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩ වර්ජනයක

Admin

“අපි දූෂිතයන් අල්ලන්නේ යහපාලන ක්‍රමයටයි“ – මව්න්ට් එලිසබෙත් යන්න කලින් රාජිත කී කතාව

colombotoday