Colombo Today Local Newsextremism & terrorism activities

පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා ගැන තොරතුරු රැසක් හෙළි වේ

 පාස්කු  ප‍්‍රහාරය සම්බන්ධයෙන්  පසුගිය දිනවල  නීතිඥවරයකු අත්අඩංගුවට ගැනීම  සම්බන්ධයෙන්  සමාජයේ නොයෙක් චෝදනා එල්ල වන බවත් ඉහත  නීතිඥවරයා තම වෘත්තිය සදහා සේවා දායකයකු සමග පැවැත් වු දුරකතන සම්බන්ධතාවත් පදනම් කරගෙන   මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවට   එල්ල වන විවේචන  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තරයේ ප‍්‍රතික්ෂේක කරන බව   පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද (19) පැවසීය.

මෙම නීතිඥවරයා අත්අඩංගුවට ගත්තේ ප‍්‍රමාණවත් තොරතුරු, සාක්කි, හා පදනම් කරගෙන  මෙම අත්අඩංගුවට  ගැනීම සිදුකර ඇති බවද  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ පොලිස් අධිකාරි   ජාලිය සේනාරත්න මහතා පැවසීය.

තවද දුරකතන විශ්ලේෂණ ගණනාවක් සිදුකර , දුරකතන විශ්ලේෂණ ආශ‍්‍රයෙන් ආගිය  තැන්වල තොරතුරු  රාශියක් එක්රැස් කරගෙන  මෙම  අත්අඩංගුවට ගැනීම සිදු කළ බවද හෙතෙම කීය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක  ජාලිය සේනාරත්න මහතා මේ බව ප‍්‍රකාශ  කළේ අද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

එහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙසේද  පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව   කිසිදු අවස්ථාවක හුදු දුරකතන සංවාදයකට  හෝ හුදු පැමිණිල්ලක් මත  කිසිදු අවස්ථාවක    පුද්ගලයකු අත්අඩංගුවට ගන්නේ නැහැ.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක   පුද්ගලයකුගේ  වෘත්තිය   ඉලක්ක කරගෙන  පරීක්ෂණ කරලා නැහැ. සියලූම පරීක්ෂණ  පරීක්ෂණ සිදුකර නැහැ. අධිකරණය හමුවට ඉදිරිපත් කළ හැකි ප‍්‍රමාණවක් සාක්කි පදනම් කරගෙන ප‍්‍රමාණවක් සාක්කි අනුයාරයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ.

මෙම   පුද්ගලයා බෝම්බකරුවන්  සමග එක්ව යම් යම් කිසි සංවිධාන පිටුවාගෙන එම සංවිධාන ඔස්සේ තරුණ කණ්ඩායම් හරහා අන්තවාදී  පැතිරවීම සදහා කටයුතු  කර ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා. ඒ සම්බන්ධයෙන්  තවදුරටත් විමර්ශන සිදුවෙනවා. එම නිසා    වැඩි තොරතුරු හෙළි කරන්න හැකියාවක් නැහැ.

මෙහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් මාධ්‍යවේදීන් ඇසු ප‍්‍රශ්න වලට  ඔහු ලබා දුන් පිළිතුරු මෙසේය.


ප‍්‍රශ්නය – මෙම නීතිඥවරයා  මීට පෙර ඔහු අත්අඩංගුවට නොගත්තේ යම් කිසි දේශපාලන බලපෑමක් නිසා කියලා සැකයක් තියනවා.

පිළිතුර –   මීට පෙර ඔහු  අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.  එම ප‍්‍රකාශ අනුව හා වෙනත්  සාක්ෂි අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප‍්‍රශ්නය – ඔහුගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇත්තේ  කුමණ කාල වකවානුවක ද

පිළිතුර –  පස්කු  ප‍්‍රහාරයෙන් පසු  මාස 2-3 ඇතුළත ඔහු ගෙන්වාගෙන ප‍්‍රකාශ  සටහන් කරගෙන තිබෙනවා. එම විමර්ශන යම්කිසි අවස්ථාවක අඩපන වෙලා තිබුණා. එම විමර්ශන නැවත ආරම්භ කිරීමෙන් පසු හෙළි කරගෙන තිබු නව තොරතුරු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

ප‍්‍රශ්නය –  මෙම නීතිඥවරයා   අත්අඩංගුවට ගත්තේ  සිද්ධියෙන් වසරට ආසන්න කාලයකට පසුවයි. ඇයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ  ඔහු අත්අඩංගුවට ගන්න ප‍්‍රමාද වුනේ.

පිළිතුර –  මුල් කාලයේ එම විමර්ශන    එක් එක් පැතිකඩ ඔස්සේ   සිදුකර තිබුණා.   එම කාලයේ  පරීක්ෂණ සිදුකළේ   බෝම්බකරුවන් හා  ප‍්‍රහාරයට අනුබල දුන් පුද්ගලයන්   සම්බන්ධයෙන්  පරීක්ෂණ සිදුකළේ. පසුකාලයේ සිදුකළ විමර්ශන අනුව  දෙවන  ප‍්‍රහාරයක් සදහා    සැලසුම් කර තිබෙනවා  ඒ සදහා දෙවන පෙළ කණ්ඩායමක් පුහුණු කර තිබෙනවා කියා.  ඒ ඔස්සේ තමයි නැවත මෙම විමර්ශන ආරම්භ කර තිබෙන්නේ.

ප‍්‍රශ්නය –   මේ මොහොත වනවිට හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන  මොන ආකාරයෙන් ද සිදුකරන්නේ

පිළිතුර –   අපි මේ දක්වා එතුමා අත්අඩංගුවට ගෙන නැහැ.

ප‍්‍රශ්නය – පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර තිබෙනවාද .මේ සම්බන්ධයෙන් නොයෙක් මත සමාජ මාධ්‍ය ජාලාවල ප‍්‍රචාරය වෙනවා.

පිළිතුර – පාස්කු ප‍්‍රහාරයට අදාලව  සමාජ ජාලා මත  මුල්කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකන්නේ නැහැ. අපි විමර්ශන කරන්නේ   එළඹෙන කරුණු මත   ,  මේ දක්වා එවැනි   පරීක්ෂණයක් සිදුකරන්නේ නැහැ.

ප‍්‍රශ්නය – මෙම සිද්ධිය සම්බන්ධයෙන්   සැකකරුවන් කී දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවාද

පිළිතුර –සැකකරුවන් 197 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related posts

පොඩි ලැසීගේ සමීපතමයෙක් ගෝනපීනුවල දී අල්ලයි

colombotoday

මුලතිව් රෝහල පිටුපස තිබී විශාල මෝටාර් බෝම්බයක් හමුවෙයි

colombotoday

රන්ජන්ගේ මොළය තවමත් ළමාවියේ..! වෛද්‍ය පාදෙණියට මඩ ගහන්න ගිහින් ඇණගනී..

colombotoday

කොළඹ 13 ජින්තුපිටියේ ආසාදිතයාගේ පවුලේ කිසිවෙකුට කොරෝනා නෑ

colombotoday

ඉතාලි නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා නාවික හමුදාව මුදවා ගනියි.

colombotoday

බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයක් මරුට

Admin