Colombo Today Local News

පුළුවන් හැම දේම අපි කලා. ඉතුරුටිකත් කරන්න සජිත් දිනවන්න. රවී කරුණානායක කියයි

“එළඹෙන ජනාධිපතිවරණයෙන් 55%ක් 57% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් එක්සත් ජාතික පක්ෂයට ලැබෙන බව අපට විශ්වාසයි. කව්රු කොහොම කිව්වත්, කොළඹ දිස්ත්‍රික්කයේ ජය එක්සත් ජාතික පක්ෂයට බව ඒකාන්තයි. සමහරු කියනවා කොළඹ ඔවුන් දිනාගන්නවා කියලා. ඔවුන් ඒ ආකාරයෙන් කියන්නේ සිහින ලෝකවල ජීවත්වෙමින්. කොළඹ කියන්නේ එක්සත් ජාතික පක්ෂ බලකොටුවක්. නිකම්ම බලකොටුවක් නෙමෙයි, වැඩකරපු, වැඩකරන, දැවැන්ත සංවර්ධනයක් ලබා තිබෙන බලකොටුවක්” යැයි එක්සත් ජාතික පක්ෂ උපනායක, විදුලිබල. බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අරඹමින් ඊයේ (13) මෝදර ප්‍රදේශයෙන් ආරම්භ කල ගෙයින් ගෙට – හදවතින් හදවතට යාමේ වැඩසටහනට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා..,

“එළඹෙන ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ ජය තහවුරු කිරීම වෙනුවෙන් ගෙයින් ගෙට යන වැඩසටහන අපි අද උතුරු කොළඹ ආසනයෙන් ආරම්භ කළා. 2015 දී අප ලබාගත් ජයග්‍රහණය හමුවේ ජනතාවට සුවිශේෂී කාර්යයක් ඉටුකරන්න අපට හැකි වුණා. ඒ තමයි රටෙන් ගිලිහි යමින් පැවති ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට හැකිවීම. නමුත් අපිට ජනතාව වෙනුවෙන් ඉටුකරන්න නොහැකි වුණ කොටසක් තිබෙනවා. ඒ සියල්ල සම්පූර්ණ කරලා, ජනතාවට උපරිමයෙන් සේවය කරන්න ජනාධිපතිවරණයෙන් විජයග්‍රහණයක් ලබාගන්න අපි සියලු දෙනාම අත්වැල් බැදගෙන කටයුතු කල යුතුයි.

ප්‍රාදේශීය සභා ඡන්දයක් සහ ජනාධිපතිවරණයක් කිසිසේත්ම සංසන්දනය කරන්න බැහැ. අපි මේ තත්ත්වය ගැන පැහැදිලිව දැනගෙන සිටියා. ඉදිරි ජනාධිපතිවරණයේ විශේෂී ජයග්‍රහණයක් ලබාගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් මේ වනවිට අත්වැල් බැදගෙන සිටිනවා.

එක් එක් පාර්ශවයන් විසින් මේ දිනවල ජනතාව අතර අසත්‍ය ප්‍රචාර පතුරවනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටු පක්ෂය අතර කිසිදු එක්වීමක් සිදුවෙලා නැහැ. ජනාධිපතිතුමා ස්වාධීනව කටයුතු කරනවා කියන්නේ, වෙනත් පක්ෂයක් සමග එකතුවෙලා නැහැ කියන එකනේ. වැඩි දවසක් යන්න මත්තෙන් සෙසු පක්ෂ සියල්ලක්ම එක්සත් ජාතික පක්ෂය සමග අත්වැල් බැදගන්නා ආකාරයේ තත්ත්වයක් අපි ඉදිරියේදී ඇති කරනවා “යැයි පැවසීය.

Related posts

ආර්ථික පීඩනය නිසා බොහෝදෙනෙකුට පපුවේ අමාරුව

colombotoday

සරුංගල් සිද්ධික් මුල්කරගෙන මිනුවන්ගොඩ සිදු කල ත්‍රිත්ව ඝාතනයේ ටී 56 අවිය සමඟ අයෙක් අල්ලයි

Admin

“ඇමතිකමක් ලැබිලත් අර්ථවත් දෙයක් කරන්න මට බැරිවුණා“ – හරීන්

colombotoday

කැබ් රථයකින් වැටී 15ක් රෝහලේ..

Admin

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් සලකා බැලීම සිව්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇරඹෙයි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday