Colombo Today Local News

සරුංගල් සිද්ධික් මුල්කරගෙන මිනුවන්ගොඩ සිදු කල ත්‍රිත්ව ඝාතනයේ ටී 56 අවිය සමඟ අයෙක් අල්ලයි

සරුංගල් සිද්ධික් මුල්කරගෙන 2022 වසරේ දී මිනුවන්ගෙඩ ගමන් ගෙදර ප්‍රදේශයේ එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදාගත් ටී 56 ගිනි අවිය හා තවත් පිස්තෝල දෙකක් ඇතුලු ආයුධ සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි රාජයේ සැඟව සිටින “හීනටියන මහේෂ් ’‘ නැමැත්තාගේ ගොලයකු බවත්, මෙම සැකකරු ඔහුගේ අපරාධ සදහා ආයුධ ප්‍රවාහනය කරන පුද්ගලයකුගේ බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

සැකකරු බාරයේ තිබු ටී 56 ගිනි අවියක්, පිස්තෝල දෙකක්, ටී 56 උණ්ඩ 87 ක්, ටී 56 මැගසින් දෙකක්, බෝර 12 උණ්ඩ 17, ව්‍යාජ වාහන අංක තහඩු දෙකක් හා යතුරු පැදියක්, හෙරොයින් ග්‍රෑම් 8ක් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇත.

මෙම සැකකරු පන්නල පදිංචි (25) හැවිරිදි පුද්ගලයකු බවත්, මොහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදි බිරිද හා දරුවා සමග මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ කුලී නිවසක සැඟව සිටියදී ඊයෙ (6) රාත්‍රියේ විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවටගෙන ඇත.

Related posts

නාගරික නිවාසවල අයිතිය පදිංචිකරුවන්ට ලබාදීමේ පළමු අදියර පෙබරවාරි මාසයේ දී

Admin

මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට

colombotoday

2023 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අනුමැතිය

colombotoday

මනුෂ්‍ය ඝාතනයකට සැකපිට ජනක බණ්ඩාර CID අත්අඩංගුවට

colombotoday

බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට

colombotoday

බැඳුම්කර නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය හමුවට මාරු කෙරේ

colombotoday