Colombo Today Local News

පෙට්‍රල් – ඩීසල් ප්‍රමිතිය ගැන දැනුම්දීමක්

පෙට්‍රල් සහ ඩීසල් සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය ජනතාවට දැනුම්දෙයි.

ලංකා ඉන්දියානු තෙල් සමාගමෙන් (LIOC) ඇනවුම් කරන ලද ඩීසල් සහ පෙට්‍රල් පිළිබඳව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය විසින් විශේෂ නිවේදන‍යක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටි.

ඒ අනුව, ඩීසල් සහ පෙට්‍රල් 92 තොගයක් රැගත් එම්.ටී. ෆොස් පවර් නෞකාව පසුගිය නොවැම්බර් 5 වනදා අලුයම කොළඹ වරායට සේන්දුවී ඇතැයි එම නිවේදනයේ දැක්වෙයි.

එහි තිබූ පෙට්‍රල් 92 රසායනාගාර පරීක්ෂාවේදී ප්‍රමිතියට අනුකූල බව සහතිකවීමෙන් පසු ගොඩබෑමට අවසර දී තිබේ.

ඩීසල් තොගයේ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුවෙන බැවින් එහි ප්‍රතිඵලය අනුව ඒවා ගොඩබෑම කෙරෙහි තීරණය කිරීමට නියමිතය.

අදාළ නිවේදනය පහතින්,

Related posts

බෑණාගේ සමාගම ආදායම් බද්දටත් පොලු තියලා – බැදුම්කර කොමිසමේදී හෙළිවෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ විශේෂ නියෝජිතයෙක් අද ට්‍රම්ප් හමුවෙයි !!

colombotoday

කොවිඩ් මරණ භූමදානයට ඉඩ දුන් අගමැති මහින්දට රිෂාඩ්ගෙන් තුති

colombotoday

බලපත්‍රයක් නිසා පාන් බනිස් මිල අඩු කරන්න බැ කියයි

Admin

පරාජිතයන් පිරි පාර්ලිමේන්තුවක, ජනතාව රවටා සම්මතකර ගැනීමට යන නව ව්‍යවස්තාව කුණු කූඩයට !

colombotoday

නිදහස සමරද්දී පාරවල් අවහිර කරන්න එපා – අධිකරණ‍යෙන් තහනම් නියෝගයක්

Admin