Colombo Today Local News

නිදහස සමරද්දී පාරවල් අවහිර කරන්න එපා – අධිකරණ‍යෙන් තහනම් නියෝගයක්

නිදහස් උත්සවය පැවැත්වෙන කාලය තුළ ගාලුවමෝදරට යන මාර්ග අවහිර නොකරන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(3)දින තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ගල්ඔය සිරිධම්ම හිමි, ජෝසප් ස්ටාලින්, දුමින්ද නාගමුව ඇතුළු 27 දෙනකු නම් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

නිදහස් උත්සවය පැවැත්වෙන කාලය එය කඩාකප්පල් කිරීම සඳහා ගාලුමුවදොර මාර්ග අවහිර කිරීමට යන බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇතැයි කියමින් කොටුව, කොම්පඤ්ඤවීදිය, සහ කොල්ලුපිටිය පොලිස් ස්ථාන කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා අදාල නියෝගය නිකුත් කර ඇත.

Related posts

මහව රාත්‍රි මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරියෙකුට පිහියෙන් ඇනලා

colombotoday

රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා

colombotoday

බේකරි නිෂ්පාදනවල මිලත් ඉහලට?

colombotoday

බ්‍රිතාන්‍ය කොටි තහනම දික් කරයි

colombotoday

යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක්

colombotoday

කොටදෙණියාව පොලීසියේ නීතිවිරෝධී වධකාගාරයක් ගැන පැමිණිල්ලක්

colombotoday