Colombo Today Local News

බෑණාගේ සමාගම ආදායම් බද්දටත් පොලු තියලා – බැදුම්කර කොමිසමේදී හෙළිවෙයි

අනෙකුත් ප‍්‍රාථමික ගැණුම්කරුවන් අතුරින් පසුගිය කාලයේ වැඩිම ලාභය වු රුපියල් කෝටි 504ක් ලබාගෙන ඇති පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම 2015/2016 මුදල් වර්ෂය සඳහා ආදායම් බදු හෝ ගෙවා නැතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන ආයතන අධීක්‍ෂණ දොපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂක සුරේෂ් ප‍්‍රසන්න සේදර මහතා ඊයේ (21) හෙළි කළේය.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබාගෙන ඇති රුපියල් කෝටි 504ක් වු වැඩිම ලාභය ප‍්‍රතිශතයක් ලෙස බැලීමේදී සීයයට 80.4ක් බවද බැඳුම්කර වෙළඳ පොළේ ප‍්‍රාථමික ගැණුම්කරුවන් 16දෙනෙකුගේ මුල්‍ය වාර්තා කොමිසමට ඉදිරිපත් කරමින් සේදර මහතා පෙන්වා දුන්නේය.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම හැර ‘ෆස්ට් කැපිටල්’ යන ප‍්‍රාථමික ගැණුම්කරුද 2015/2016 මුදල් වර්ෂය සඳහා ආදායම් බදු ගෙවා නැති බවත් අනෙක් සියලු ප‍්‍රාථමික ගැණුම්කරුවන් ආදායම් බදු ගෙවා ඇති බවත් ඔහු සඳහන් කළේය.

 

Related posts

යහපාලන ආණ්ඩුව පෙරපාසල් යා යුතුයි – සරත් විජේසූරිය

colombotoday

69 ලක්ෂයේ පැතුම බල්ලට දමා “මක්තබ් මද්‍රසා” තහනම් නොකර වකූෆ් සභාව යටතේ නීතිගත කරන්න යයි.

colombotoday

වසර තුනට පුරාවස්තු 777ක් අතුරුදන්

Admin

ත්‍රස්තවාදී ක්‍රියා සහ මුහුණු ආවරණය ගැන පැහැදිළි කෙරෙන ගැසට් නිවේදනයක් නිකුත් වේ

colombotoday

කුඩු අරන් සල්ලි නොදුන් දෙදෙනෙක් මරා වළලා?

Admin

එජාපයේ තීරණයට හිස නමයි.. විජේදාස ගැන ජනපතිගේ තීරණය දැනුම් දෙයි !

colombotoday