Colombo Today Local News

2023 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අනුමැතිය

2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව, එක් එක් වැය ශීර්ෂය සඳහා වන කෙටුම්පත් අයවැය ඇස්තමේන්තු ඇතුළත්ව සකස් කළ 2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය සලකා බලා තිබේ.

2023 වර්ෂය සඳහා වන මුළු පුනරාවර්තන වියදම රුපියල් බිලියන 4,634 වශයෙන් සහ මුළු මූලධන වියදම රුපියල් බිලියන 3,245ක් වශයෙන් ඇස්තමේන්තුගත කර ඇත.

ඒ අනුව, මෙය රජයේ ගැසට් පත්‍රයක පළ කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමි වී තිබේ.

Related posts

කොවිඩ් සිරුරු භූමදානයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන්

colombotoday

බුදු දහමට අපහාස කලාට “තව්හීද් ජමාත්“ සැපැතැම්බර් 8 යළිත් උසාවියට

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරේ

colombotoday

Breaking : ඊයේ පැනවූ ඇඳිරිනීතිය ඉවත් කරයි.

colombotoday

පොලිස් ඇමැති ප්‍රසන්නගේ නිවාස වටලයි

colombotoday

ගුගල් ඔස්සේ SEX සොයා ලෝකයේ පළමු තැනට පත් ශ්‍රී ලංකාවට සිදුවූ දේ

colombotoday