Colombo Today Local News

බුද්ධි අංශ නවීන තාක්ෂණය ඔස්සේ ශක්තිමත් කරනවා, බුද්ධි නිළධාරීන්ගේ ආරක්ෂාවට නව නීති සකස් කරනවා

තමා ජනාධිපති ලෙස පත් වූ වහාම බුද්ධි අංශ කඩිනමින් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත් ලෝකයේ ඇති නවීනතම තාක්ෂණය සහ සංකල්ප ඔස්සේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ වැඩිදියුණු කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (13) කඩවත නගරයේ පැවති ජන රැලියකදී.

ඒ අතරම බුද්ධි අංශ නිලධාරීන් ආරක්ෂා කිරීමට නව නීති සකසන බවද ඔහු පෙන්වා දුන්නේය. ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යන බවත් අධ්‍යාපනය සංවර්ධනය කිරීමට තමන් මුලින්ම වැඩි අවධානයක් යොමු කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුදේශපාලනඥයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය

Related posts

විශේෂ මහාධිකරණයේ මහේන්ද්‍රන් ඇතුළු නවයකට නඩු

colombotoday

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

colombotoday

Video – තනපටයට කොමිසමක් දාන්න හදන ආණ්ඩුවට බොදු බලෙන් අභියෝගයක්!

colombotoday

ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් පොලිස් අත් අඩංගුවට!

colombotoday

අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරින් සිව්දෙනා 18 දක්වා රිමාන්ඩ්

colombotoday

මෙවර ශිෂ්‍යත්ව විභාගය 15 වැනිදා

Admin