Colombo Today Local News

විශේෂ මහාධිකරණයේ මහේන්ද්‍රන් ඇතුළු නවයකට නඩු

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි ඇතුළු නවදෙනකුට හා පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට එරෙහිව ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කොට නඩු පැවරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතාට අනුමැතිය ලබාදී තිබේ.
 
 එකී විත්තිකරුවන් දසදෙනාට එරෙහිව අධි චෝදනා 23 ක් යටතේ නඩු පැවරීමට අවසර ලබාදෙන ලෙසට පසුගිය 07 වැනිදා නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් අනුමැතිය ඉල්ලා තිබිණි.
 
 එම නඩුවේ ස්වභාවය, බැරෑරුම්කම, සංකීර්ණභාවය හා එකී වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවූ අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමින් ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම සලකා බැලූ අගවිනිසුරුවරයා එකී අනුමැතිය ලබාදී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ඊයේ (13 දා) පස්වරුවේ ප‍්‍රකාශ කළහ.
 
 ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත දී ලක්‍ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්, පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම, අර්ජුන් ජෝශප් ඇලෝසියස් යන විත්තිකරුවන්ට හා පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කළ ප‍්‍රශ්‍ය මිත‍්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන් හුලූගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් හා අජහාන් ගාර්දිය පුංචිහේවා යන අයටත් පර්පෙචුවල් සමූහ ව්‍යාපාරයේ සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් මහතාටත් එරෙහිව නඩු පැවරීමට නියමිතය.
 
 2015 පෙබරවාරි 27 වැනිදා සිදුවූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී භාණ්ඩාගාර බැඳුම්කර රුපියල් බිලියන 10,058 ක් බැහැර කිරීමට අදාළව පොදු දේපළ පනත යටතේ සාපරාධී විශ්වාසය කඩ කිරීමෙන් රුපියල් මිලියන 688, 762, 100 ක පාඩුවක් සිදුකිරීමේ චෝදනා අර්ජුන මහේන්ද්‍රන් හා පී. සමරසිරි යන අයට එල්ල වී ඇත.

Related posts

පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට හදිසි පක්ෂ නායක රැස්වීමක්

colombotoday

අලුත්කඩේ ඉර්ෂාඩ් ඝාතනය කර සිරුර කැලණියේ දමා ගිහින්. විමර්ශන්‍වලදී කරුණු රැසක් හෙළිවෙයි

colombotoday

මුස්ලිම් ගම්මානයකින් ගුවන් යානා නාශක උණ්ඩ 5ක් සහ ඩෙටනේටරයක් සොයාගැනේ

colombotoday

ජනවාරි මාසයේ සිට විදුලි බිල්පත් නොගෙවූ අයගේ විදුලිය විසන්ධි කරයි

colombotoday

රටේ දුක් ගිනි නිවූ අපේ දුක් ගිනි නිවන්න අද කවුරුත් නෑ. ආබාධිත රණවිරුවෝ මහා නා හිමියන්ට දුක කියයි.

colombotoday

ඒකාබද්ධ පොදුජන පෙරමුණ ජනවාරි 2 කරළියට.. මහින්ද තීරණාත්මක තීන්දුවක් ගනී !

colombotoday