Colombo Today Local News

ඒකාබද්ධ පොදුජන පෙරමුණ ජනවාරි 2 කරළියට.. මහින්ද තීරණාත්මක තීන්දුවක් ගනී !

ඒකාබද්ද පොදුජන පෙරමුණට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

එහි ප්‍රචාරක කටයුතු ජනවාරි 2 දා නිළ වශයෙන් ආරම්භ වීමට නියමිතය. . මහින්ද රාජපක්ෂ මහතා මේ වනතුරු ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුව පක්ෂයේ) කිසිදු නිල තනතුරක් ලබා නොගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාශකවරයෙකු වශයෙන් සිටිමින් නිල නොවන මට්ටමින් එම පෙරමුණට සහයෝගය දැක්වීය.

ඉදිරි පලාත්පාලන මැතිවරණයට නව ජවයක් ලබා දීම සදහාත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුව) පාක්ෂිකයන්ගේ සැකය දුරුකිරීමත් සඳහාත් එළබෙන 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවේදී මෙම ප්‍රකාශය කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමටත් නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමටත් සැලසුම් කොට ඇතැයි දැනගැනීමට ඇත.

ඒ අනුව මේ වනවිටත් පොදුජන එක්සත් පෙරමුණේ දැනට සිටින සියලු ලොකු කුඩා පක්‍ෂ සහ කොටස්ද සහභාගී කර ගනිමින් වඩාත් පුළුල් ජනතාවාදී දේශපාලන පෙරමුණක් ලෙස මෙම පෙරමුණ දියත් කිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සකස් කර අවසන් බව පොදුජන එක්සත් පෙරමුණේ ඉහළ පෙලේ ආරංචිමාර්ග සදහන් කරයි.

මෙයට සමගාමීව රටපුරා ඉදිරි පලාත්පාලන මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන රැස්වීම් මාලාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද සැලසුම් කර ඇතැයි දැනගැනීමට ඇත.

දැනට රජයේ මැති ඇමති තනතුරු දරන කිහිප දෙනෙක් ඉදිරියේදී තමන් සමග එක්වීමට කැමැත්ත පළකර ඇතැයිද මෙම නව පෙරමුණේ බර කරට ගෙන සිටින ප්‍රධානියකු පැවසීය.

Related posts

මහවැලි බී කලාපයේ ගොවී නායකයින් වී සදහා පාලන මිලක් වෙනුවට සහතික මිලක් ඉල්ලයි

colombotoday

මම හිතුවෙ වැඩි ඡන්ද දහදාහකින්වත් දිනයි කියලා – ජෝන්

colombotoday

රන්ජන් ඇමරිකාවේ බැංකුවකට පොලු තියලා… අත්අඩංගුවට ගතයුතු පුද්ගලයෙකු යැයි නම් කරයි

colombotoday

අගමැති එලවන්න මහ බැංකු අධිපති බරටම වැඩ !

colombotoday

අක්මීමන දයාරතන හිමි ඇප මත නිදහස් !

colombotoday

රු. මිලියන 2778කට අධික වටිනා කමින් යුත් හෙරොයින් තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday