Uncategorized

දැඩි ආරක්ෂක රැකවල් මැද මාකදුරේ මදුෂ් ලංකාවට…

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි පොලීසියේ දැඩි රැකවරණය මැද ශ්‍රී ලංකාවට එවන බව ඩුබායි රජය විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාට දැනුම් දී ඇත.

මධූෂ් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඩුබායි බලධරයන් සමඟ සාකච්ඡා කිරීම සඳහා එරටට ගිය විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාට මේ බව දැන්වූයේ එරට විදේශ අමාත්‍ය අන්වර් බීන් මොහොමඩ් මහතාය. මධූෂ් ලංකාවට එවීමට පෙර ඒ ගැන ශ්‍රී ලංකා රජය දැනුම්වත් කරන බවත් දැඩි ආරක්ෂාව මධ්‍යයේ කොළඹට ගෙන එන බවත් ඩුබායි විදේශ අමාත්‍යවරයා දන්වා තිබේ.

මේ සිද්ධියට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඩුබායි ජනාධිපතිවරයා වෙත යවන ලද විශේෂ ලිපියක් ද අමාත්‍ය මාරපන එරට විදේශ අමාත්‍යවරයාට භාර දුන්නේය.

කෙසේ වෙතත් මධූෂ් ශ්‍රී ලංකාවට නොඑවන ලෙස ඉල්ලා ඔහු විසින් පවරා ඇති අභියාචනාව මෙම මස 18 දා විභාග කිරීමෙන් අනතුරැව ඒ ගැන තීන්දුවක් ගැනීමට ඉඩ ඇතැයි ඩුබායි ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

Related posts

අලගල්ල කන්දෙන් සිසුවෙක් ඇදවැටේ

Admin

ඩීසල් රැගත් නෞකාවක් හෙට දිවයිනට!

colombotoday

මැදපෙරදිග ශ්‍රමිකයින් යොදා ගනිමින් කළ රන් බිස්කට් ජාවාරම

colombotoday

අයවැයට ඡන්දය දෙනවාද නැද්ද? තීරණාත්මක සාකච්ඡාවක් ජනපති ප‍්‍රධානත්වයෙන්

colombotoday

Ready, sweat: 10 top fitness trends for 2018

colombotoday

කොවිඩ් මරණ භූමදානයට ඉඩ දුන් අගමැති මහින්දට රිෂාඩ්ගෙන් තුති

colombotoday