Colombo Today Local News

ඇමරිකාවේ කිසිදු අධිකරණයකින් ගෝඨාට සිතාසි ලැබී නෑ

ඇමරිකාවේ කිසිදු අධිකරණයකින් කිසිදු නොතීසියක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබී නැතැයි ඒ මහතාගේ ප්‍රකාශකයකු තමන් වෙත ප්‍රකාශ කළ බව දෙරණ රූපවාහිනී නාලිකාව පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාවට ගොස් සිටින්නේ සිය හිතවතෙකුගේ දියණියකගේ විවාහ මංගල්‍යයක් සඳහා සහභාගී වීමට වන අතර දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධානී දිලිත් ජයවීර මහතා ද ඊට සහභාගී වීම සඳහා ඇමරිකාවට ගොස් ඇති බව වාර්තා වී තිබිණි.

කෙසේවෙතත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ දෙමළ ජාතිකයකු වධහිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු පවරා ඇත්ද යන්න පිළිබඳව දෙරණ මාධ්‍ය ආයතනය ගෝඨාභය මහතාගේ ප්‍රකාශයකුගෙන් විමසූ අවස්ථාවේදී තමන්ට නොතීසි ලැබුණු බවට පළවන පුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා තරයේ ප්‍රතික්ෂේප කරන්නේයැයි එම ප්‍රකාශකයා පැවසූ බවයි දෙරණ මාධ්‍ය ආයතනය පවසන්නේ.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට සිටින්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නොව ඇමරිකාවේ වෙනත් ප්‍රාන්තයක බවත් එම ප්‍රකාශකයා මාධ්‍ය ආයතනයට සඳහන් කර තිබේ.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 12 වනදා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් ඔවුන්ට පවසා තිබිණි.

Related posts

යාපනය නාවක්කුලි සිංහල ගම්මානයේ චෛත්‍ය ඉදිකිරීම තහනම් කරයි

colombotoday

ලිට්‍රෝ සභාපති නෙරපයි

colombotoday

ඇමරිකානු හා ඉන්දීය යුද නැව් දෙකක් කොළඹ වරායට

colombotoday

“ආයෙ ලංකාවේදී බැලූන් උඩ අරින්නෑ” – හුලං ගිය Google බැලුම ගැන ඇමති හරීන් කියයි

colombotoday

හෙට ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday

රාජිත අපට මර්ණ තර්ජණ කරනවා – සුදුවෑන් කිඹුලන් දෙදෙනාගෙන් CIDයට පැමිණිල්ලක්

colombotoday