Colombo Today Local News

රාජිත අපට මර්ණ තර්ජණ කරනවා – සුදුවෑන් කිඹුලන් දෙදෙනාගෙන් CIDයට පැමිණිල්ලක්

ජනාධිපතිවරණ මැතිවරණය ආසන්නයේදී හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ එක්ව ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනා විසින් රහස් පොලිසිය හමුවට පැමිණිල්ලක් කර ඇත.

ඔවුන් තම පැමිණිල්ලෙන් කියා ඇත්තේ හිටපු ඇමැති රාජිත සේනාරත්න ගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වන බවයි.

අදාළ මාධ්‍ය හමුවේ දී තමන් විසින් ප්‍රකාශ කරන ලද අසත්‍ය ප්‍රකාශ බවත් ඒ සියල්ල හිටපු ඇමැති රාජිත සේනාරත්න විසින් කොළයක සටහන් කර දුන්නේ ඒවා බවද ඔවුන් දෙදෙනා විසින් පොලිසිය විසින් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී හෙලි කර ඇත.

රාජිත සේනාරත්න ඇමතිවරයා ද මේ වන විට අදාළ චෝදනාව සම්බන්ධයෙන් සිටින්නේ ඇප මත නිදහස ලබාය.

මේ අනුව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව ඒ අනුව නැවත වතාවක් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට එල්ල වන අතර එය ඇප පනතේ ප්‍රධාන කොන්දේසියක් උල්ලංඝනය වීමකි.

එහෙයින් බොහෝ දුරට ඔහුගේ ඇප අහෝසි වීමක් සිදු වීමට ඉඩ ඇති බව නීති ප‍්‍රවීණයන්ගේ මතයයි.

Related posts

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වු පුද්ගලයන් බන්ධනාගාර නියාමකවරුන් ලෙස බඳවා ගැනීමට යයි.

colombotoday

කතකට හා තරුණයෙකුට කඩු ප්‍රහාරයක්

Admin

ලේ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

colombotoday

බස්රථ 12.000ක් මැයි රැළිවලට ගිහින්.. රට පුරා මගී ප්‍රවාහනය බිද වැටේ

colombotoday

ශ්‍රී ලංකාවේ සහායට ඉන්දියාව එක්වෙයි

colombotoday

නියෝජ්‍ය පොලිස්පතිවරු 6කට ස්ථාන මාරුවීම්

colombotoday