Colombo Today Local News

අගමැති මහින්ද කුරුණෑගලින් මහ මැතිවරණයට !

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ඉදිරිපත් වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

අද (27) පෙරවරුවේ එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ සභාපති  මහාචාර්ය ජී.එල් පිරිස් මහතා මේ බව සඳහන් කළේය.

එහිදි ඔහු පැවසුවේ පසුගිය මහ මැතිවරණයෙදි කුරුණැගල දිස්ත්‍රික්කයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ගැබු බවත් එම නිසා කිසිවිටෙකත් කුරුණැගල ජනතාව එතුමාට ලබා දුන් සහය අමතක නොකරණ බවත්ය.

වත්මන් ආණ්ඩු මාස දෙකක් වැනි සුළු කාලයක් ඇතුලත විශාල වැඩ කොටසක් සිදු කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා එහිදි පැවසීය.

එමෙන්ම, වර්තමානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සියළු වැඩකටයුතු සිදු කරන්නේ යල්පැන ගිය පාර්ලිමේන්තුවක් සමඟ බවත් එයට ප්‍රධානතම හෙතුව වී ඇත්තේ 19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බවත් මහාචාර්යවරයා පැහැදිලි කළේය.

නමුත් එළඹේන මාර්තුමස 2වනදායින් පසුව පාර්ලිමේන්තුව විසුරු හැරීමේ පුර්ණ අයිතිය ජනාධිපතිවරයා සතුව ඇති බවද ඒ මහතා පැවසීය.

මහාචාර්යවරයා පැවසුවේ ආයෝජන ලබා ගැනීම සඳහා දේශපාලන ස්තාවරභාවයක් පැවතිය යුතු බවත් එය ලබා ගත හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව බවත්ය.

එහිදි පාර්ලිමේන්තුවේ තුනෙක් දෙකක බහුතරයක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බවත් එය ලබා ගන්නේ අසීමාන්තිය බලයක් බුක්ති විදීමට නොවන බවත් ඒ මහතා පවසයි.
 

Related posts

ISIS ත්‍රස්තයන් ලංකාවෙන් සාමාජිකයන් බදවා ගන්නා හැටි ඉන්දීය මාධ්‍ය හෙළිකරයි

colombotoday

පාසල් දැරියක් අපචාරය කල තරුණයෙක් අත්අඩංගුවට

Admin

කුණු කන්දට එරෙහිවූ සත්‍යග්‍රහයට ගුටිබැට දුන්නු කොළොන්නාව නගරාධිපතිට එරෙහිව පොලිස්පති වෙත පැමිණිල්ලක්

colombotoday

මන්ත්‍රී අසංක නවරත්න දුරකථනය ට පනී

Admin

නැවත දැනුම්දෙන තුරු නුවර රජයේ පාසල් වසා දැමේ

colombotoday

“හිරිකිතයි, ලැජ්ජයි, ද්‍රෝහියෝ වෙනවා” – මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සංහිදිය ආණ්ඩුව පට්ටගසයි

colombotoday