Colombo Today Local News

චීනයෙන් එන මගීන් වෙනම පර්යන්තයකින් රට ඇතුළට… කොරෝනා ට එරෙහිව ජාතික ක්‍රියාකාරී කමිටුව රැස්වෙයි…

චීනයේ සිට මෙරටට පැමිණෙන පිරිස් වෙනුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වෙනම මගී පර්යන්තයක් වෙන් කිරිමට ගුවන්තොටුපළ බලධාරින් කටයුතු කර තිබේ.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට මතු වූ සැකය මත අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය(IDH) වෙත ඇතුළත් කළ රෝගීන් සිව්දෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට සිදුකළ පරීක්ෂණවල දී හෙළි වී තිබේ.

මේ අතර කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පත් කරන ලද සාමාජිකයින් 22 දෙනෙකුගේ සමන්විත ජාතික ක්‍රියාකාරී කමිටුව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි.

කමිටුවේ සාමාජිකයින් ලෙස ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රාණි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ගුවන් තොටුපල සමාගමේ සභාපති විශ්‍රාමික ජෙනරාල් ජේ.චන්ද්‍රසිරි, ආගමන විගමන පාලකවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

මෙහිදී වෛරසය පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සහ ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති.

Related posts

“හමුදාව ඉවත් කර අතුරුදන්වූවන් සොයනු“ උතුරු නැගෙනහිර හර්තාල්.. ජන ජීවිතය අඩාලයි

colombotoday

කොවිඩ් මර්දන එන්නත ජනමාධ්‍යවේදීන්ටත්

colombotoday

අන්තරේ කැදවුම්කරුට ඇප

Admin

අසාද් සාලිට එරෙහිව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

අභ්‍යන්තර පරීක්ෂණයට උපදෙස් දෙන්න ජාත්‍යන්තර යුධ අධිකරණ නීතිපති “මොටෝ ලු ගූච් ” ලංකාවට

colombotoday

කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළේ අසභ්‍ය වීඩියෝවක් පෙන්වයි

colombotoday