Colombo Today Local Newsextremism & terrorism activities

අන්තවාදී මතවාද දරන්නන් පිරිවරා ශුරා සභාවේ මහා සභා රැස්විම කොළඹදී පවත්වයි.

ශුරා සභාවේ මහා සභා රැස්විම පසුගියදා කොළඹදී පැවැත්විය. ශ්‍රී ලංකාවේ මුලින්ම ශුරා සභාවක් ආරම්භ කලේ ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශයේය. එය හැඳින්වූවේ “කින්නියා මජ්ලිස් ශුරා” යනුවෙන්.

ත්‍රිකුණාමල කින්නියා ප්‍රදේශය යනු ජමාතේ ඉස්ලාමි නැගෙනහිර පළාතේ බලකොටුව යැයි හැඳින්වීම නිවැරදිය. මෙම ප්‍රදේශය ඉහ්වාන් මුස්ලිම් බල්කොටුවකි. “කින්නියා මජ්ලිස් ශුරා” සංවිධානයේ ආරම්භය මඩකලපු කාත්තන්කුඩි උලමා සභාව ආරම්බ කිරීමට සමානකමක් දක්වයි. කාත්තන්කුඩි ප්‍රදේශය වාහාබි සලෆි තබ්ලික් අන්තවාදීන් ගේ බලකොටුව ලෙස හැඳින්වීම නිවැරදිය.

ජමාතේ ඉස්ලාමි නජා මොහොමඩ් මැතිවරණ කොමිසම පිළිනොගත් FJP දේශපාලන පක්ෂය ආරම්බ කරන ලද්දේ කින්නියා ප්‍රදේශය මූලික කරගෙනය. පසුකාලීනව ඔවුන් කාත්තන්කුඩි අබ්දුර් රහුමාන් සමග එක්ව මැතිවරණ කොමිසම පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කරගැනීමට සමත්විය.

ඊජිප්තුවේ යුසුෆ් අල් කර්දාවිගේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා වන හිටපු අමාත්‍ය රවුෆ් හකිම්ගේ මස්සිනා “ඉනාමුල්ලා” ශුරා සභාව ආරම්බ කරන ලද්දේ තබ්ලික් ජමාත් සහ උලමා සභාවට විරුද්ධව ඉහ්වාන් මුස්ලිම් මතවාදය ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත කිරීම සඳහාය.

ඉහ්වාන් මුස්ලිම් මතවාදය පිළිබඳව මෙරට ආරක්ෂක අංශ හෝ කිසිදු බලධාරියෙකු සතුව දැනුමක් නොමැති අතර වහාබි මතවාදයට වඩා දරුණු ඉහ්වාන් මුස්ලිම් මතවාදය මෙරට ආරක්ෂක අංශවල ඇස්වලට වැලි ගසා ව්‍යාප්තවෙමින් පවතින බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩ අත්තේ ඥානසාර හිමි අනාවරණය කර සිටියහ.

මුස්ලිම් අන්තවාදී බලවේග මෙරට තුල නව මුහුණුවරකින් කරලියට පැමිණ ගොඩනැගෙමින් සිටින ආකාරයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් අනතුරුව දක්නට ඇත. අන්තවාදී කල්ලි විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හිතවත් මුස්ලිම් ප්‍රභූවරුන් හරහා තම පැවැත්ම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය මුලික අඩිතාලම යොදමින් සිටින ආකාරයක් නිරීක්ෂණය වේ. පසුගිය 2015-2020 කාලයේ බුද්ධිංශ අකර්මන්‍ය වී තිබුණු බැවින් මුස්ලිම් අන්තවාදයේ නව මුහුණුවර පිළිබඳව ආරක්ෂක අංශ සතුව පවතින තොරතුරු ප්‍රමාණවත්දැයි සැකයක් මතුව ඇත. 2015 ට පෙර ක්‍රියාත්මක වූ බුද්ධි අංශ යලි සක්‍රිය තත්වයට පත් කර එකල ලැබී තිබූ තොරතුරු මත පරීක්ෂණ කටයුතු යලි ආරම්භ කලද අන්තවාදී කල්ලි ආරක්ෂක අංශවල ඇස්වලට වැලි ගසා නව දේශපාලනික මුහුණුවරකින් සක්‍රියව ක්‍රියාත්මක වෙමින් පවතී. වැඩිකල් නොයවා ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමේ අවශ්‍යතාවය මෙම ලිපිය මගින් පෙන්වා දීමට කැමැත්තෙමි.

IIRO නව්ෆර් මව්ලවි
උලමා සභාවේ මුබාරක් මදනී (සවුදි අරාබියාවේ වහාබි, මදනි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් නිසා “මදනී” යන්න, නමේ අවසානයට යොදයි. එහි ඉගෙන ගත් පුද්ගලයින්ට සවුදි අරාබිය මගින් “මෆුස්” නම් දිමනාවක් අන්‍යජාතිකයන් මුස්ලිම් කරලීම සඳහා “දාවා” ලබා දෙයි)
ඊජිප්තුවේ යුසුෆ් අල් කර්දාවිගේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා වන හිටපු අමාත්‍ය රවුෆ් හකිම්ගේ මස්සිනා “ඉනාමුල්ලා”
සම්ප්‍රදායික මුස්ලිම් ජාතිකයෙක් ලෙස සැලකෙන බදීයුදින් මහමුද් ගේ පුත් තාරික් මහමුද් (තාරික් මහමුද් තබ්ලික් ජමාත් වි ඇත)
ඉහ්වාන් මුස්ලිම් වාදී ශෙයික් ෆලීල් නලීමි (බේරුවල ජාමියා නලීමියා හී ඉගෙන ගත් පුද්ගලයෙකි)

විශේෂ ලියුම් කරුවෙකු විසින්

Related posts

අර්ජුනට එරෙහිව තිලංග නඩු යයි.. මැච් එක පැරදුනාට පසු විකට්ටුව ඇදයි කියලා

colombotoday

වව්නියාවෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මතුවෙයි

colombotoday

අසාද් සාලිගේ අල් ටකියාව මෙන්න. දෙරණට ගිහින් බොරු කියලා

colombotoday

වසන්ත මුදලිගේ,ජෝසෆ් ස්ටාලින් ඇතුළු 6කට විදෙස් ගමන් තහනම්

colombotoday

එජාප රැලියට 5000ක ජනතාවක් !

colombotoday

මධුෂ්ගේ ඔත්තුවෙන් හෙරොයින් කිලෝ 10ක් කොටිකාවත්තෙන් සොයා ගනී

colombotoday