Colombo Today Local News

වසන්ත මුදලිගේ,ජෝසෆ් ස්ටාලින් ඇතුළු 6කට විදෙස් ගමන් තහනම්

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුළු 6 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (ජූලි 25) මෙම නියෝගය නිකුත් කළ බව වාර්තාවේ.

ඒ අනුව ජෝසෆ් ස්ටාලින්, ජීවන්ත පීරිස් පියතුමා, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, එරංග ගුණසේකර ඇතුළු 6 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ජූලි 9 වන දා පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා පොදු දේපළවලට හානි කළේ යැයි යන චෝදනාව මත කොටුව පොලිසිය කළ ඉල්ලීමක් මත මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කර ඇත.

Related posts

සැබෑ ආගමික සහජීවනය කුමක්දැයි අරුත්ගැන්වූ “මල්පැලේ උපන් පන්සලේ පියතුමා”

colombotoday

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය නලීන් ද සිල්වා පත්කෙරේ

colombotoday

මල් වෙඩිල්ලක් පොලිස් ජීප්රිය ඇතුලේ පත්තුවෙයි

Admin

කොළඹ ඇතුළු ප්‍රධාන නගර වල‍ට ගෑස්

colombotoday

දඹදෙණිය ශ්‍රිනිප සංවිධායක ශාන්ත බණ්ඩාර එජාපයට පනී

colombotoday

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

colombotoday