World

දකුණු කොරියාවේ තවත් කොවිඩ් රැල්ලක්

දකුණු කොරියාවේ කොරෝනා වෛරස ආසාදනය වූ පුද්ගලයින් 197 දෙනෙකු අද (17)දින හමු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව, එරටින් මේ දක්වා හමු වී ඇති මුළු කොරෝනා රෝගීන් ගණන 15,515කි.

අද හමු වූ රෝගීන්ගෙන් බහුතරය හෙවත් 89 දෙනෙකු හමු වී ඇත්තේ සෝල් නගරයෙනි.

එය කොරෝනා වෛරසය දකුණු කොරියාවෙන් ප්‍රථම වරට හමු වූ ජනවාරි මස සිට මේ දක්වා එම ප්‍රදේශයෙන් හමු වූ වැඩිම රෝගීන් ගණන වේ.

ඉන් බහුතරය දේවස්ථාන ආශ්‍රිතව වර්තා වේ.

පුද්ගල දුරස්ථභාවය පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන ලෙස එරට බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

කොරෝනා වෛරස අසාදනය වූ රෝගීන් හමු වුවද නව මරණ කිසිවක් පසුගිය දින කිහිපය පුරා දකුණු කොරියාවෙන් වාර්තා වී නොමැත.

එරටින් මේ දක්වා කොරෝනා මරණ 305ක් වාර්තා වී ඇත.

Related posts

බෙලරුසියානු විපක්ෂ නායකයා වසර 18ක සිරදඬුවම් ලබයි

colombotoday

බොරතෙල් මිල පහළට

Admin

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin

මහ රැජිණගේ මෘත දේහය බකිංහැම් මාලිගයට

colombotoday

ග්‍රීසියේ ලැව්ගිනි නිවා දමමින් සිටි ගුවන් යානයක් කඩා වැටී නියමුවන් දෙදෙනෙක් මරුට

Admin

නිලධාරීන් ආධාර සොරකම් කරලා… සෝමාලියාවේ දුප්පතුන්ට ආධාර සැපයීම අත්හිටුවයි

Admin