Colombo Today Local News

ත්‍රීවීල් මීටරය අනිවාර්යයි

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා මීටරයක් අනිවාර්ය කිරීමේ නීතිය නැවත බලාත්මක කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තීරණය කර ඇත.

ඒ අනුව මෙම නීතිය එළඹෙන ඔක්තෝබර් මස දෙවන සතියේ සිට අනිවාර්ය කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා තීරණය කර තිබේ.

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා සුදුසු මීටරයක් සවිකර ගැනීමට ඉතා දීර්ඝ කාලයක් ලබා දී තිබූ බවත් ඒ අනුව එම කාලය තවදුරටත් ලබාදිය නොහැකි බවත් හෙතෙම කීවේය.

ත්‍රිරෝද රථ කර්මාන්තයේ ගුණාත්මක බව වැඩි කරමින් මගී ජනතාව වැඩි වශයෙන් ත්‍රිරෝද රථ සේවාවන් ලබා ගැනීමට මෙමගින් හැකිවෙන බව පවසන සිසිර කෝදාගොඩ මහතා එමගින් මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ හිමියන්ගේ ආදායම් සුරක්ෂිත වන බවද පැවැසීය.

මීට අමතරව ඉදිරියේදී මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ව්‍යාපාරය ගුණාත්මක  ප්‍රවාහන සේවයක් බවට පත් කිරීමට තවත් පියවර කිහිපයක් ආරම්භ කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Related posts

මගීන් ඉද්මදීම බස් රථයක් ගිනි ගනී

colombotoday

බදුර්දීන් වැනසූ විල්පත්තුවේ යුද හමුදාව රුක් රෝපණය කරයි

colombotoday

කෙටි නිහැඩියාවකට පසු බොදු බලේ අද යලිත් වැඩ අල්ලයි

colombotoday

ගලක් මත සිටි තරුණියක් තිදෙනෙක් මුහුදු රළකට හසුවී ගසාගෙන යයි

Admin

කබීර් හෂීම් එජාප මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය අගමැතිට බාරදෙයි

colombotoday

ගන්දර සමන් STF දැලේ

colombotoday