Colombo Today Local News

ගන්දර සමන් STF දැලේ

සංවිධානාත්මක අපරාධකරුවකු වන “ගන්දර සමන්” නැමැත්තාව අද (19)දින විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගන්දර ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සතුව තිබී ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, ටී 56 වර්ගයේ උණ්ඩ 12ක් සහ කඩුවක් සොයාගෙන ඇත. ‍

මීට අමතරව, ආරක්ෂක අංශයේ නිලධාරීන් භාවිතා කරන බූට් යුගලක් ද නිවසක් තුළ සඟවා තිබිය දී සොයාගෙන තිබේ.

විශේෂ කාර්ය බළකාය තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගන්දර පොලිස් වසමේ තලල්ල දකුණ ගන්දර ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇත.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු ගන්දර පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Related posts

දෙහිවල කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයකුගේ නිවසින් කඩු තොගයක් සොයා ගනී….

colombotoday

බන්ධනාගාර තාප්පෙට ඉහළින් එන පාර්සල්

colombotoday

නිරුවත් ජායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහල 05ක් අත්අඩංගුවට

colombotoday

ලුතිනන් කර්නල් ශම්මි සිර ගෙදරින් රෝහලට

colombotoday

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යළි සේවයේ පිහිටුවන්නේ නැහැ – ජාතික පොලිස් කොමිසම

colombotoday

රටවල් 7ක නායකත්වය ජනපති මෛත්‍රීට…

colombotoday