Colombo Today Local News

ජපන් වාහන මිල අඩු වන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවට ගෙන්වන ජපන් වාහනවල මිල ගණන් මේ මස සිට ක්‍රියාත්මකවන පරිදි පහළ ගොස් ඇති බව රේගු  වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රේගුව විසින් වාහන්‍වල FOB (Free On Board)අගය එනම් (වාහනයක් නැව් ගත කරන තුරු යන වියදම වෙනුවෙන් වාහනය සඳහා තක්සේරු කරන වටිනාකම) පහත දැමීමත් සමග මෙලෙස වාහන මිල ගණන් පහළ යාමට හේතුව වී ඇත.

කලින් තිබූ FOB අගයට සාපේක්ෂව නව වටිනාකම ලක්ෂ කිහිපයකින් පහත වැටී බව එම වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව වාහන මිල ද පහත වැටේ.

උදාහරණයක් ලෙස,

Toyota Aqua මෝටර් රථයේ කලින් තිබූ FOB අගය ජපන් යෙන් 2,377,962වන අතර එහි නව අගය ජපන් යෙන් 1895000 ක් වේ. ‍

මුදල් අමාත්‍යංශය පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිදුකළ වාහන බද්දේ සංශෝධනය අනුව වාහන මිල සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් තිබිණ.

ඒ අනුව Toyota Aqua මෝටර් රථය ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ රුපියල් 770,000 කින් ඉහල ගිය ද දැන නව FOB අගය අනුව එම මෝටර් රථයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 05 කින් පමණ අඩු වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ වාහන ගෙන්වීම සඳහා මෙරට මෝටර් රථයක තක්සේරු වටිනාකම හෙවත් FOB අගය වාහනයේ වටිනාකම නොතකා වැඩි කරනු ලැබූව ද මෙම අවස්ථාවේ එම අගය වාහනයේ නියම වටිනාකමට ආසන්න අගයක් ගෙන ඇත.

පෙර තිබූ FOB අගයන් පහතින්,

පසුගිය කාලයේ ඉහළ නංවන ලද වාහන බද්ද පහතින්,

-asianmirror.lk

Related posts

ජවිපෙ සහ පෙරටුගාමීන් හාල් රු 1000 ට ගියත් කතා කරන්නේ නෑ.- ඔවුන් අතර ඩීල් එකක් තියෙනවා.

colombotoday

“භික්‍ෂුන් පනත ගෙනාවොත් සංඝ සමාජය කෑලි කෑලි වලට කැඩිය යයි. කිසි දින එකතු කරන්න බැරිවෙයි” – රතන හිමි

colombotoday

දකුණේ පාසල් හෙට සිට යළි විවෘත කෙරේ..

Admin

VAT පනතට පූර්ණ සහය දෙනවා.. වෙළෙන්දන්ගේ විරෝධය ඒකාබද්ධ විපක්ෂය නිසයි – දිගම්බරම්

colombotoday

මලාපවහන ගාස්තු ඉහළට

Admin

ජනපතිගේ තටු සියල්ල කපා දැමේ… ජවිපෙ 20 සම්මත වුණොත් රටේ ප්‍රධානියා අගමැති !

colombotoday