Colombo Today Local News

ටෙලිකොම් – මොබිටෙල් මුල් පුටු මාරුවක්! ජනපති මල්ලී නැවතත් සභාපති. රෝසි‍ගේ පුතුත් අධ්‍යක්ෂ මණ්ඩලයට

ටෙලිකොම් හා මොබිටෙල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ වෙනසක් සිදුකර ඇති අතර එහිදී කලින් පත්කර තිබූ ටෙලිකොම් අධ්‍යක්ෂක ක්‍රිෂාන්ත කුරේ හා ෆෙරෝස් යන මහත්වරුන්ද, මොබිටෙල් අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර සිටි තුසිත හල්ලොලුව මහතා ඉවත් කර තිබේ.

 ඒ අනුව නව අධ්‍යක්ෂක මණ්ඩලය පහත පරිදි වේ

ශ්‍රී ලංකා ටෙලිකොම්

කුමාරසිංහ සිරිසේන (සභාපති)
ජී.ඩී.සී. ඒකානායක
ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය
එන්.එස්.ඒ.පීරිස්
ජේ.ආර්. යූ ද සිල්වා
එන්.වී.බෙන්ග්
ජෙෆ්රි ජේ. බ්ලැක්
ලයිවුන් ෆූන්ග්
ලෝරන්ස් පරාට්ස්

මොබිටෙල්

කුමාරසිංහ සිරිසේන (සභාපති)
ආර්.ඊ.යූ. ද සිල්වා මහතා
කේ.ඩී.ගීගනගේ
ලයිවුන් ෆූන්ග්
ලෝරන්ස් පරාට්ස්
චන් චී බෙන්ග්
කනිෂ්ක සේනානායක

කලින් සිටි අධ්‍යක්ෂක මණ්ඩලය නම් කරන ලද්දේ මංගල සමරවීර මහතා  විදෙස් කටයුතු හා විදුලි සංදේශ අමාත්‍යවරයාව සිටියදීය.

මොබිටෙල් අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇති කණිෂ්ක සේනානායක මහතා රෝසි සේනානායක මහත්මියගේ පුත‍්‍රයා වන අතර ඔහුව අධ්‍යක්ෂක මණ්ඩලයට නම් කරනු ලැබ ඇත්තේ නව විෂයභාර අමාත්‍යවරයා වන හරීන් ප‍්‍රනාන්දු මහතා විසිනි.

පසුගිය කාලයේදී ජනාධිපති සොයුරු, ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා ටෙලිකොම් හා මොබිටෙල් අධ්‍යක්ෂවරුන් අතර ගැටුම් පැවැති බව ප්‍රසිද්ධ පුවතකි.

Related posts

නව ව්‍යවස්ථා සම්පාදක කමිටු වාර්තාව 21 දා පාර්ලිමේන්තුවට !

colombotoday

MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සමුද්‍ර හානියට බිලියන 3ක වන්දියක් ඉල්ලයි

colombotoday

ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

22 හැවිරිදි මව මාස නවයේ බිළිදාට වස දී මව පැන ගිහින්

colombotoday

ගෝඨාගේ විරෝධතා ඉවතට – මුදල් අවභාවිතා නඩුව විභාග කරයි

colombotoday

දඹදිව සිට ඇවිත් ඥාණසාර හිමි ගුවන්තොටුපළේදී කීව දේ (Video)

colombotoday