Colombo Today Local News

මලාපවහන ගාස්තු ඉහළට

ජල ගාස්තු සංශෝධනයට සාපේක්ෂව අද (03)දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මලාපවහන ගාස්තු ද ඉහළ දමා තිබේ.

ඒ, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ අත්සනින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.

ඒ අනුව යම් මාසයක භාවිතය ශුන්‍ය වුව ද මාසික මලාපවහන සේවා ගාස්තු ගෙවිය යුතු වේ.

ජල සම්පාදන මණ්ඩලයේ ජල සැපයුමට අමතරව වෙනත් විකල්ප ජල ප්‍රභව කිහිපයක් භාවිත කරන විට ඒ සඳහා පරිහරණ ගාස්තුව වශයෙන් ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා කාලානුරූපීව තීරණය කරන අතිරේක ගාස්තුවක් පාරිභෝගිකයා ගෙවිය යුතුයි.

ජල සැපයුමක් රහිතව මලාපවහන සේවා පමණක් ලබාගෙන ඇති අවස්ථාවක ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් පාරිභෝගිකයින්ගේ ද සහභාගිත්වයෙන් කරන ක්ෂේත්‍ර පරීක්ෂාවකින් අනතුරුව තීරණය කරන ඇස්තමේන්තු අගයකට මලාපවහන ගාස්තු නියම කළයුතු වේ.

අදාළ මාසයේ ජල ගාස්තු හා මලාපවාහන බිල්පත ලැබී දින 30ක් ඇතුළත ගෙවීම් පැහැර හරින පාරිභෝගිකයින්ගේ ජල සැපයුම සහ මලාපවහන සේවාව විසන්ධි කරනු ඇති.

Related posts

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි.

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට නියෝග…

colombotoday

“නව ව්‍යවස්ථාවෙන් ජනපති ක්‍රමය අහෝසි කරනවා“ – රාජිත

colombotoday

ඡන්දය දෙනවනම් බදු ගෙවන්න. 18ට වැඩි සියලු දෙනා බදු ලිපිගොනුවක් විවෘත කිරීම අනිවාර්යයි. – ඇමති සුරේන් රාඝවන් කියයි

colombotoday

රුපියල් 20,000/-ක අල්ලස් ගත් පොලිස් පරීක්ෂකට අට වසරක සිරදඬුවම්

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිළ ඉහළට !

colombotoday