Colombo Today Local News

“භික්‍ෂුන් පනත ගෙනාවොත් සංඝ සමාජය කෑලි කෑලි වලට කැඩිය යයි. කිසි දින එකතු කරන්න බැරිවෙයි” – රතන හිමි

rathana thero

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ථෙරවාදී භික්ෂු කථිකාවත් පන සම්බන්ධයෙන් ස්වාධීන භික්ෂු එකමුතුව ඊයේ සම්බන්ත්‍රණයක් සංවිධානය කර තිබුණා.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියෙ රතන හිමියන් පැවසුවේ මෙම පනත සම්මත වුවහොත් නිකායන් තිස් ගණනකට බෙදී සිටින මෙරට සංඝ සංස්ථාව නැවත කිසිදිනෙක එක් කල නොහැකි වනු ඇති බවයි.

මෙම පනත සම්මත කිරීම වෙනුවට කල යුතුව ඇත්තේ මහනායක හිමිවරුන් එක් වී සියළු නිකායික භික්‍ෂුන් වහන්සේලාට නිකාය බේදය අතහැර දමා සමඟි වන්න යයි ඉල්ලා සිටීම බවයි.

සුළු ප‍්‍රශ්ණ බේරා ගැනීම සඳහා සංඝාධිකරණයක් පිහිටුවීම පමණක් සෑහෙන බවද එහිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.

Related posts

කන්දකාඩුවෙන් තවත් කොරෝනා ආසාදියින් 4ක්

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු සමීක්ෂණයක්

colombotoday

කෝටියක හෙරොයින් පාර්සල් කරමින් සිටි දෙදෙනෙක් කොටු

colombotoday

බාලවයස්කාර දැරියක් රඳවාගෙන ආගම වෙනස් කර විවාහ වෙන්න සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

පෙම පිටු පෑ සිසුවියකට දහම් පාසලේ දී පිහියෙන් අනී

Admin

අහංගම මුහුදු වෙරළේ තරුණයෙකුගේ මළසිරුරක්

colombotoday