Colombo Today Local News

ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට කොටි ත්‍රස්‌ත ප්‍රහාරය එල්ල වී වසර තිස්‌තුනයි

අද ජාතියට ශෝක දිනයකි. මන්ද මීට වසර තිස්‌තුනකට පෙර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට කොටි ත්‍රස්‌තවාදීහු ප්‍රහාර එල්ල කළේ අද වැනි දිනකය. සිංහල බෞද්ධ ආධ්‍යාත්මයට පහරදීමේ අරමුණින් මේ ප්‍රහාරය දියත් කළ බවට සැක නැත. සිංහල ශිෂ්ටාචාරයට අභියෝග කිරීම ප්‍රභාකරන්ගේ අරමුණ විය. මේ ප්‍රහාර කිසිදිනක අමතක කළ යුතු නැත. කනගාටුවට කරුණක්‌ වන්නේ බොහෝ දෙනකුට පුරා තිස්‌වසරක්‌ පැවති යුද්ධය මෙන්ම ජාතිය හෙළු ලේ කඳුළු අමතක වී යැමයි. මේ කවර ෙ€දයක්‌ද? අනුරාධපුරයට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරය ගැන අද කීදෙනෙක්‌ කතා කරයිද? නමුත් උතුරු පළාත් සභාව නම් අනුරාධපුරයට ප්‍රහාර එල්ල කළ ත්‍රස්‌තයන් සැමරීමට සූදානම් වන බව පෙනේ. මේ ත්‍රස්‌තයන් සැමරීම සිදු කරන්නේද මහජන මුදලිනි. එසේම මැයි 18 වැනිදා ශෝක දිනයක්‌ ලෙසද උතුරු පළාත් සභාව මගින් ප්‍රකාශයට පත්කර ඇත. මෙලෙස ශෝක දින ප්‍රකාශයට පත් කිරීමට උතුරු පළාත් සභාවට බලය පැවරුවේ කවරකු විසින් ද ත්‍රස්‌තයන් සැමරීමට උතුරු පළාත් සභාව ශෝක දින ප්‍රකාශ කරද්දී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය අයට පිංපෙත් ලබා දීමට හෝ උතුරු මැද පළාත් සභාවෙන් පිංකමක්‌ සංවිධානය කර ඇත්ද? ඇත්තෙන්ම උතුරු පළාත් සභාව ක්‍රියාකරන්නේ ලංකා ආණ්‌ඩුවෙන් කැඩී බිඳී ගිය වෙනම කොටසක්‌ ලෙසය. උතුරු පළාත් සභාවටද ත්‍රස්‌තයන් සැමරීම හැර අන් කටයුත්තක්‌ නොමැති බව පැහැදිලිය. උතුරේ ජනයාට යහපත උදාකරලීම කෙසේ වෙතත් ඔවුනට අවශ්‍ය මුල්ලිවයික්‌කාල් වෙත ගොස්‌ පහන් දැල්වීම පමණකි. මුල්ලිවයික්‌කාල් වෙත ගොස්‌ පහන් දැල්වීමෙන් දෙමළ ජනතා දුක නැති වන්නේද? අතුරුදන් වූවන් යළි ගෙදර පැමිණෙන්නේද? කවරක්‌ නමුත් උතුරු පළාත් සභාවේ ත්‍රස්‌ත හිතවාදීත්වය රටම අර්බුදයට ලක්‌ කරන්නක්‌ බව සටහන් කළ යුතුය. විග්නේශ්වරන් මහ ඇමැතිගේ ත්‍රස්‌ත හිතවාදීත්වය සාමකාමී හෙට දවසක්‌ බලාපොරොත්තු වන දෙමළ ජනයාද අනතුරේ හෙළන්නකි.

මැයි 18 උතුරේ ශෝක දිනයක්‌ වන විට කොටි සංවිධානය අතින් ඝාතනය වූ සියදහස්‌ ගණන් වැසියන් සමරන්නේ කෙසේද? ත්‍රස්‌තයන් සැමරීම සඳහා ශෝක දිනයක්‌ ප්‍රකාශයට පත් කර ඇති එකම රට වන්නේ ලංකාවද? සංහිඳියාව වෙනුවෙන් යෑයි කියමින් යහපාලන ආණ්‌ඩුව විජයග්‍රහණයේ පෙළපාලිය නවත්වද්දී උතුරු පළාත් සභාව කොටි හිතවාදීත්වය ප්‍රකට කරවමින් ශෝක දින ප්‍රකාශයට පත් කරයි. මෙය රට ත්‍රස්‌තවාදයෙන් ගලවා ගැනීම සඳහා දිවිදුන් රණවිරුවන්ට කරන නිග්‍රහයකි. කොටි ගිනි අවියට ගොදුරු වූ දහස්‌ ගණනක්‌ වූ සිවිල් වැසියන්ගේ සොහොනටද කරන නිග්‍රහයකි. එහෙත් මධ්‍යම ආණ්‌ඩුව උතුරු පළාත් සභාවේ හිතුවක්‌කාරි තත්ත්වයට එරෙහිව කිසිම පියවරක්‌ ගෙන නැත. ඉදිරියේදී ප්‍රභාකරන් වෙනුවෙන් ප්‍රතිමා ඉදිකිරීමටත් උතුරු පළාත් සභාව කටයුතු කළ හොත් එය වැළැක්‌වීමටද මධ්‍යම ආණ්‌ඩුව ක්‍රියා කරයිද? ඇත්තෙන්ම මැයි 18 ශෝක දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පෙනී යන්නේ ජාතියේ දීනභාවය ප්‍රකටවීම නොවේද?

Divaina

Related posts

උප පොලිස් පරීක්ෂකවරයෙක් ගිනිඅවියෙන් වෙඩිතබා ගනී

Admin

විමල්+උදය එලියට ගැනීම, පත්තර හිමිකාර මන්ත්‍රී සහ රතන හිමිගේ ගේම් එකක්

colombotoday

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම්වල නිරතවීමට ආචාර්යවරුන් තීරණය කරයි

Admin

ඇමති අකිලගේ ගෝලයෝ මිහින්තලේ පුරාවිද්‍යා රක්ෂිතයේ වැඩ

colombotoday

ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ වැඩ බලන අගවිනිසුරු ධුරයට

colombotoday

දමිතා බලන්න විපක්ෂ නායක කොටුව පොලිසියට

colombotoday