Colombo Today Local News

“සිංහල බෞද්ධයන් මේ රටේ ප්‍රධාන ජාතියයි.. ජනපති-අගමැති ආදර්ශවත් විය යුතුයි“ – අස්ගිරි මහනාහිමි

asgiri-maha-nahimi

ජනාධිපති අගමැති ඇතුළු නායකයන් රටට අදර්ශමත් විය යුතුබවත්, ඔවුන් මහා සංඝරත්නයේ අනුශාසනා කෙරෙහි අවධානය යොමුකර කටයුතු කළ යුතු බවත් අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන මහා නාහිමියෝ පවසයි.

මුතියංගන රජ මහා විහාරස්ථානයේ පැවති උත්සවයකට සහභාගීවෙමින් උන්වහන්සේ කියා සිටියේ, මේ රට අදින් හෙටින් අවසන් නොවන බවත්, මෙරට ප්‍රධාන ජාතිය හැටියට සිංහල බෞද්ධයන්ට විශේෂ අයිතියක්, අවධානයක් ඇති බවයි.

අන්‍ය ජාතීන්ද තම අනන්‍යතාවය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින බවත්, සිංහල බෞද්ධයන් තම අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම ජාතිවාදය ලෙස ඇතැමුන් සලකන බවත් පැවසූ මහා නාහිමියෝ, ජාතිය ආරක්‍ෂා කර ගැනීමට නිර්භයව කතා කල යුතු බවත්, එසේ කතා කලා කියා ජාතිවාදීන් වන්නේ නැතැයිද කියා සිටියහ.

Related posts

74වන ජාතික නිදහස් දින සමරු උළෙල ඇරඹෙයි

colombotoday

පුද්ගලයින් තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

PCR සිදුකිරීමට ගිය බස් රථයක් දුම්රියක ගැටෙයි

colombotoday

පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට

Admin

උදයංග වීරතුංග මෙරටට ගෙන ඒමට උදර්පණ නීතිය හරස් වෙයි…

colombotoday

මහින්දටද? රනිල්ටද? බදියුදීන්ගේ අවසන් තීරණය මෙන්න…

colombotoday