Colombo Today Local News

මුස්ලිම් ජනතාවට සම අයිතිය ලැබෙන තුරු මා සටන් කරනවා – රාජිත

වත්මන් රජය බලයට පත්කිරීමට මුස්ලිම් හා දෙමළ ජනතාව වැඩි කාර්යයක් ඉටු කළ බැවින් ඔවුන් අමතක කර රජයට ගමනක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අක්කරෙයිපත්තු නගරයේ ඊයේ (03දා) පැවති වැඩසටහනක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.

“දිවයින පුරා මුස්ලිම් ජනතාවගෙන් 45%ක් වත්මන් රජය බලයට පත්කර ගැනීම සඳහා කැප වී කටයුතු කළා. මුස්ලිම් හා ද්‍රවිඩ ජනතාව අමතක කර මෙම රජයට ඉදිරියට යන්න බෑ. සිංහල පළාත්වලටත් වඩා උතුරු නැගෙනහිර පළාත් වලින් හංසයා ලකුණට ඡන්දය ලැබුණා. මුස්ලිම් ජනතාවට සම අයිතිය ලබාදෙනතුරු ඉදිරියටත් සටන් කරනවා. විවිධ ස්ථානවල කලබල නිර්මාණය කරන්නේ අන්තවාදීන් විසින්.” යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්

colombotoday

ගේමක් දී කට්ටි පැන්න ‘SF ලොකූ‘ අත් බෝම්බයක් සමග මාට්ටු !

colombotoday

මුස්ලිම් අන්තවාදී කි‍්‍රයා ගැන උපදෙස් දීමට අසමත් වෙලා. | නි. සොලිසිටර් ජනරාල් අසාත් නවාවිට විනය පියවර ගන්න. | රා.සේ කොමිසම නීතිපතිට දන්වයි

colombotoday

“අයවැයෙන් පස්සේ ගමට යන්න බෑ.. මිනිස්සු අහන ඒවට කටඋත්තර නෑ“ – නි.ඇමති මුතුහෙට්ටිගම

colombotoday

යහපාලනය කරන්න ගොස් ‘බිලිවීමට‘ සිදුවූයේ මටයි – කවියක් කියමින් රවී කියයි

colombotoday

වෙළඳ සංගම් නියෝජිතයින් සහ අධිකරණ ඇමති අතර හමුවක්

colombotoday