Colombo Today Local News

මරණකරු පොලිසිය විසින් පහළට තල්ලු කළ බවට සාක්‍ෂි නැහැ – ඇමැති සාගල රත්නායක

sagala

ඇඹිලිපිටියේ තරුණයා ඉහළ මහලක සිට පොලිස්‌ නිලධාරීන් විසින් පහළට තල්ලු කිරීමෙන් මියගිය බවට මෙතෙක්‌ ඉදිරිපත්ව ඇති සාක්‍ෂි අනුව තහවුරු වී නැතැයි නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා ඊයේ (12 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ස්‌ථාවර නියෝග 23/2 යටතේ අනුර කුමාර දිසානායක මහතා යොමුකළ ප්‍රකාශයට පිළිතුරු ඉදිරිපත් කරමින් නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධනය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා මෙසේ ද කීය.

මේ පිළිබඳ විමර්ශන අවසන්ව නෑ. සම්පූර්ණ ප්‍රකාශයක්‌ පරීක්‍ෂණවලින් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

සාදය පැවැති ස්‌ථානයට ආ පොලිස්‌ ජංගම නිලධාරීන් හා සාදයේ පිරිසක්‌ අතර ගැටුමක්‌ සිදුව තිබෙනවා. තුවාල ලත් සුමිත් ජයවර්ධන ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස්‌ තිබෙනවා.

පොලිස්‌පති නියමය පරිදි පරීක්‍ෂණ රත්නපුර පොලිස්‌ ස්‌ථානාධිපති යටතේ සිදු කෙරෙනවා. පොලිසියෙන් හා මරණකරුගේ පාර්ශ්වයෙන් පරස්‌පර ප්‍රකාශ ඉදිරිපත්ව තිබෙනවා. ශබ්ද විකාශන යන්ත්‍රවලින් අසල්වැසියන්ට පීඩා සිදුවන බවට කළ පැමිණිල්ල මත ශබ්ද විකාශන යන්ත්‍ර නතර කිරීමට උපදෙස්‌ දෙද්දී සාදයේ සිටි පිරිස කලහකාරී ලෙස හැසිරුණු බව පොලිසිය පවසනවා. මරණකරුගේ පාර්ශ්වය පවසන්නේ පොලිසිය පැමිණ අරක්‌කු බෝතල් ඉල්ලා සිටීම නිසා කලහකාරී සිද්ධියක්‌ වූ බවයි. මෙම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසරයක්‌ ලබාගෙන නැති බවත් හෙළි වී තිබෙනවා.

මරණකරු පොලිසිය විසින් පහළට තල්ලු කළ බවට සාක්‍ෂි නැහැ. ඔහු උඩු මහලින් වැටෙන අයුරු දුටු සාක්‍ෂිකරුවෙක්‌ ඒ පිළිබඳ ප්‍රකාශ කිරීමට ඉදිරිපත්ව තිබෙනවා. නිවැරැදි තත්ත්වය අනාවරණය කරගැනීමට වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා. පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකර නැති නිසා මෙය ඝාතනයක්‌ ද යන්න මෙතෙක්‌ තහවුරු වී නෑ.

මේ සිද්ධිය ගැන කනගාටු වෙනවා. මේ ගැන ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ සාධාරණ ලෙස සිදුකරනවා.

අනුර කුමාර දිසානායක මහතා – බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ ප්‍රකාශයක්‌. තට්‌ටු තුනකින් වීදුරු කඩාගෙන බිමට පනින්න මේ තරුණයා ස්‌පයිඩර් මෑන් නොවේ. මේක පොලිසියේ ආරක්‍ෂාවට සකස්‌ කළ වාර්තාවක්‌. ඇමැතිවරයා ඉන්නේ පොලිසිය හැදූ වාර්තා ඉදිරිපත් කරන්න නොවේ. පරීක්‍ෂණ සාධාරණ ලෙස කරන බවට ඇඟවීමක්‌වත් මේ වාර්තාවේ නෑ.

ඇමැති සාගල රත්නායක මහතා – විමර්ශන අවසානයේ පාර්ලිමේන්තුවට සවිස්‌තර කරුණු දක්‌වනවා. දෙපාර්ශ්වයේ කරුණු විමර්ශනය කර සාධාරණ වාර්තාවක්‌ ඉදිරිපත් කරන්නම්.

Related posts

සම්බුදු උපත සැපතකි

colombotoday

රන්ජන්ට එරෙහිව විරෝධතා.. පරිපාලන නිලධාරීන් සේවයෙන් ඉවත් වෙති !

colombotoday

හකීම් – බදුර්දීන් කැබිනට්ටුවේදී නැවතත් ඇරගනී.. මගඩි වැඩ කිහිපයක් දෙදෙනාගේම කටින් පනී

colombotoday

යාපනයේ පිපිරීමක් : හමුදා සෙබලෙක් ජිවිතක්ෂයට

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩ වර්ජනයක..

Admin

ප්‍රදේශ රැසක බස් රථ ධාවනයෙන් වෙයි

colombotoday