Colombo Today Local News

ජනපතිගේ තටු සියල්ල කපා දැමේ… ජවිපෙ 20 සම්මත වුණොත් රටේ ප්‍රධානියා අගමැති !

විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත වුවොත් ජනාධිපතිවරයා ආණ්‌ඩුවේ ප්‍රධානියා ලෙස නොසැලකේ. එමෙන්ම සිරකරුවන් වෙත ජනාධිපති සමාව ලබාදීමේ බලතලද ඉවත් කර ඇති අතර ජනාධිපතිවරයා තෝරා පත්කර ගත යුත්තේ ජනතා ඡන්දයකින් නොව පාර්ලිමේන්තුව මගිනි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුය. පාර්ලිමේන්තු සැසිය ආරම්භ වී සති හතරක්‌ තුළ සාමාන්‍ය බහුතර ඡන්දයකින් ජනාධිපතිවරයා තෝරා ගත යුතුය. ඒ සඳහා රහස්‌ ඡන්දයක්‌ භාවිත කළ හැක.

පවතින ව්‍යවස්‌ථාවට අනුව ඇමැති මණ්‌ඩලය පත් කිරීමේදී ජනාධිපතිවරයා එය කළ යුත්තේ අගමැතිවරයාගේ අදහස්‌ විමසාය. එහෙත් විසිවැනි සංශෝධනයට අනුව අගමැතිගේ අදහස්‌ විමසා යන්න ඉවත් කර ඇති අතර ඇමැති මණ්‌ඩලය ජනාධිපති විසින් පත් කළ යුත්තේ අගමැතිගේ උපදෙස්‌ මතය.

ජනාධිපතිවරයා සතුව ඇති පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ බලය මෙන්ම පාර්ලිමේන්තුව විසිරවීමේ බලයද විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගෙන් ඉවත් කර තිබේ.

ජනාධිපතිවරයාට දේශපාලන පක්‌ෂයක ධුරයක්‌ දැරීම හෝ සාමාජිකත්වය දැරීම සිදු කළ නොහැක.

තානාපතිවරු, මහ කොමසාරිස්‌වරු සහ විදෙස්‌ දූත නියෝජිතයන් පත් කිරීම සහ ඔවුන්ට බලය පැවරීම අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන කැබිනට්‌ මණ්‌ඩලයේ උපදෙස්‌ අනුව සිදු කළ යුතුය.

අගමැතිවරයා පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද ප්‍රමාණයක්‌ ලබාගත් පක්‌ෂය තුළිනි.

Divaina

Related posts

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සුඩානය හා සම මට්ටමට

colombotoday

විමල්,උදය, වාසු පක්ෂ නායක රැස්වීමටත් නෑ…

colombotoday

විගණන වාර්තාවෙන් තහවුරු වූ රිෂාඩ් බදුර්දීන්ගේ විල්පත්තු මහා වනසංහාරය !

colombotoday

සා.පෙළ අසමත් වූ ලක්ෂයක් රාජ්‍ය සේවයට

colombotoday

“රාජ්‍ය ආයතන 6 ක්‌ කුණු කොල්ලයට විකිනීමට සුදානම්” – හිටපු ජනපති

colombotoday

අරාබි භාෂාවත් නිල භාෂාවක් වෙයි..!! බදුල්ල කච්චේරියේ නාම පුවරුවල අරාබි වැකි..

colombotoday