Colombo Today Local News

චම්පිකගේ බිරිඳ හැඩූ කඳුලින් වීඩියෝවක් නිකුත් කරයි. “පහත් මිනිසුනේ නුඹලාට දරුවන් නැද්ද?” දියණිය අසයි

මෙරට ක්‍රියාත්මක පහත් දේශපාලනයෙන් සහ අශිෂ්ට දේශපාලකයන්ගෙන් තම මව විශාල පීඩාවකට පත්ව සිටින බව පාඨලී චම්පක රණවක මහතාගේ දෙවන දියණිය පවසනවා.

ෆේස්බුක් සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ මෙම දේශපාලනයෙන් අප දෙදෙනා තරම් පීඩාවට පත් වූ දරුවන්ද සිටිය නොහැකි බවයි.

තාත්තාගේ දේශපාලන බලයෙන් කිසිදු වාසියක් නොගනිමින් සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වන්නට කොතෙක් උත්සාහ කළත්, පහත් මිනිසුන් කිහිප දෙනෙකු විසින් තමන්ව වචනයෙන් විස්තර කළ නොහැකි තරම් හිත් වේදනාවකට සහ පීඩාවකට පත් කර ඇති බව ඇය පවසනවා.

පාසලට, විශ්වවිද්‍යාලයට, පුද්ගලික පන්තියකට තබා කඩයකටවත් යාමට බැරි තත්වයක් ඇති කර ඇති නොමිනිසුන්ගෙන් අසන්නේ ඔබලාට දරුවන් නැත්ද කියා පමණකි යනුවෙනුයි එම දියණිය ප්‍රශ්න කරන්නේ.

පාඨලී චම්පක රණවක මහතාගේ දෙවන දියණිය තැබූ එම ෆේස්බුක් සටහන සහ වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

Related posts

හෝමාගම අධිකරණය අසල හිමිනමක් ගිනිතබා ගැනීමට සැරසේ

colombotoday

කොරියාවේදී ජාඇළ තරුණයකු පිහි පහරින් මරුට

Admin

වත්තල, පල්ලියවත්ත මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්

Admin

ආසියාවේ ලොකුම මූල්‍ය වංචාව හෙළිවී තිබියදීත් ‘විගණන පනත‘ සම්මත කරගැනීම අගමැති කරඅරී !

colombotoday

උතුර, නැගෙනහිර පළාත්වල විදේශගතවූවන්ට ඡන්ද බලය දෙන්න විශේෂ පනතක් පාර්ලිමේන්තුවට

colombotoday

ධම්මිකගේ කොවිඩ් ඔසුව ලියාපදිංචි කෙරේ

colombotoday