Colombo Today Local News

ධම්මිකගේ කොවිඩ් ඔසුව ලියාපදිංචි කෙරේ

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොවිඩ් මර්දන දේශීය ඖෂධය ආයුර්වේද කොමසාරිස්වරයා විසින් දේශීය ඖෂධයක් ලෙස ලියාපදිංචි කර තිබේ.

ඒ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුව විසින් එය දේශීය ඖෂධයක් ලෙස භාවිත කිරීමට අනුමැතිය ලබාදීමෙන් අනතුරුවය.

මේ පිළිබඳ අදහස් දැක්වු දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, කුමාරි වීරසේකර මහත්මිය මෙසේ අදහස් දැක්වීය.

“ධම්මික වෙද මහතාගේ ඖෂධය පිළිබඳව සියලුම තාක්ෂණික වාර්තා ඇගයීමට ලක්කිරීමෙන් අනතුරුව, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුව විසින් එය දේශීය ඖෂධයක් ලෙස භාවිත කිරීමට අනුමැතිය ලබාදීලා තියෙනවා. එම අනුමැතිය මත ආයුර්වේද කොමසාරිස්වරයා විසින් අද එය දේශීය ඖෂධයක් ලෙස ලියාපදිංචි කරනු ලැබුවා. ඒ ලියාපදිංචි කිරීම කෙසේනමුත් මෙය කොවිඩ් රෝගය සඳහා සුදුසු ඖෂධයක් ද යන්න තීරණය කරනු ලබන්නේ සායනික පරීක්ෂණවලින් අනතුරුවයි. ඒ සඳහා පත්කරන ලද විද්වත් කමිටුව විසින් එම සායනික පරීක්ෂණ කටයුතු ඉදිරියේ දී පවත්වාවි. ඉන් අනතුරුව තමා අපි මෙම ඖෂධය කොවිඩ් රෝගය සඳහා සුදුසු ඖෂධයක් ද යන්න නිගමනය කරනු ලබන්නේ. “

ධම්මික බණ්ඩාර මහතා විසින් කොවිඩ් මර්දනය සඳහා අත්හදා බැලුණු ඖෂධය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

‍කොවිඩ් – 19 වෛරසයට එරෙහිව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය පිළිබඳ අනුමැතිය ලබා දීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව ඊයේ (21)දින රැස්විය.

ආයුර්වේද කොමසාරිස්වරයා ප්‍රධානත්වය දරණ සූත්‍ර කමිටුවේ ප්‍රධාන කාර්ය වන්නේ දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවසර ලබා දීම පිළිබඳ කටයුතු කිරීමය.

පසුගිය දිනවලදී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේදී ඔවුන් ඉදිරියේ නිෂ්පාදනය කළ ඖෂධයේ සාම්පල වාර්තාව ද එහිදි ඉදිරිපත් විය.

ඒ අනුව මෙම ඖෂධය පිළිබඳව කරුණු රැසක් සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව එම ඖෂධයට නිෂ්පාදන බලය සඳහා අවසර ලබා දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව තීරණය කර තිබේ.

Related posts

ලංකාවට යුද අපරාධ චෝදනා ගොනු කරන්න සංගරීගේ පුතාගේ යෝජනාව කැනඩාව ප්‍රතික්ෂේප කරයි

colombotoday

රනිල් පිලත් සජිත් පිලත් අතහැර දේශපාලනයෙන් සමු ගන්නා රෝසි

colombotoday

ක්‍රිකට් අතුරු කමිටුව පත් කර ඇත්තේ ජනපතිට හොරෙන්

Admin

ජාතික ආණ්ඩුවක් ආවත් මගෙන් ඇමැති පදවි නෑ

colombotoday

රූකාන්තට ගුටිබැට ප්‍රහාරයක්…

colombotoday

එජාප මන්ත්‍රී මන්සූර් සහරාන් ත්‍රස්තයාගේ බිරිදගේ සැප දුක බලන්න රෝහලට ඇවිත්.. හරවා යැවූ වෛද්‍ය අධිකාරීට ස්ථාන මාරුවක්

colombotoday