Colombo Today Local Newsfeatured

උතුරු පළාත් DIGගේ පුද්ගලික සහකාර ලෙස හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කන්කේසතුරේට යවයි

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලියා සේනරත්න මහතා උතුරු පළාතේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස කන්කේසතුරේ පොලිස් ස්ථානයට මාරු කර යවා තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන්ගේ සහෝදරයා වන රියාජ් බදුයුදීන් අත්අඩංගුවට ගෙන නිදහස් කිරීම සම්බන්ධයෙන් සමාජයේ කතා බහට ලක්වූ අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේ ජාලියා සේනරත්න මහතා සිදුකල ප්‍රකාශය සහ නිදහස් කල අවස්ථාවේ සිදු කළ පරස්පර ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක්විය.

විනය පදනම් කරගෙන ජාලියා සේනරත්න මහතා මාරු කිරීමට තීරණය කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

දිස්ත්‍රික්ක 10කට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

Admin

විදුලි යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර

colombotoday

දෙමටගොඩ චමින්දගේ රියදුරු කොණ්ඩ රිස්වාන් අත්අඩංගුවට

colombotoday

‍රට බිත්තර අද සිට සුපිරි වෙළෙඳසැල්වලින් පාරිභෝගිකයින්ට

Admin

මහ ආර්ථික අර්බූදයක් අත ළගයි.. සරසවි ඇදුරන් අනතුරු අගවයි !

colombotoday

අගමැතිට එරෙහි විශ්වාසභංගයට නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සහාය දෙනවා – එස්. බී. දිසානායක

colombotoday