Colombo Today Local News

ඇමරිකා MCC ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අත්සන් කරනවා – මංගල

මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බැවින් එය අත්සන් කළ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යමංගල සමරවීර මහතා පැවසීය. 

මහජනතාව ඇතුළු අවශ්‍ය සියලු දෙනාගේ විචාරය පිණිස ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව එය නිවැරදියයි නීතිපති විසින් එකඟතාවය පළ කර ඇති එම ගිවිසුමේ පිටපත් නිකුත් කරඇති බවද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව දැනුමක් නොමැති ඇතමුන් එය අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුයි පැවසුවද සනාත නොකළ ලියවිල්ලක් පිළිබඳව උත්තරීතර ආර්ලිමේන්තුවේ විවාද කළ නොහැකිය.

මෙම ගිවිසුම නිත්‍යනුකූල වනුයේ එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බව එම ගිවිසුම තුළම අන්තර්ගත වේ.

ශ්‍රී ලංකාවේ නීති සම්පාදන ක්‍රමවේදය අනුව එම ගිවිසුම ගැසට් කළ විට එමගින් අගතියට පත්වේ යැයි සිතන ඕනැම පුරවැසියෙකුට එයට විරුද්ධව අධිකරණයට යාමේ හැකියාව පවතියි.

Related posts

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම ඉවතට.. උදයංග ගැන එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ තීරණය මෙන්න

colombotoday

මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි – මහ බැංකු අධිපති

Admin

මිල උස්සන්න Global Trading And Company සඟවා තැබූ සීනි ටොන් 4800 ක් සීල් තබයි

colombotoday

බුදුරුව සහිත සාරියක් පිටකොටුවෙන් සොයාගනී

colombotoday

ඉන්දිය දූත පිරිස දිවයිනට

colombotoday

අද පාර්ලිමේන්තුවේ දි පක්ෂ නායක රැස්වීමක්

colombotoday