Colombo Today Local News

ජාතියේ උරුමය රැක දිය හැකි නායකයෙකු ජනාධිපති ධූරයට පත්කරගන්න – එල්ලාවල මේධානන්ද හිමි

නව ආණ්ඩුවක් පත්විමට ආසන්න මොහොතේ පවා රට පාවා දෙන ගිවිසුම් ගසන වාතාවරණයක් පවතින පසුබිමක් තුළදි  රට පාවා නොදෙන එඩිතර නායකයකු ජනාධිපති  ලෙස පත්කර ගැනිමට රට වැසියා බුද්ධිමත්ව කටයුතු  කළයුතුව ඇතැයි පුරාවිද්‍යා  චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති.

එසේම සිංහල දෙමළ මුස්ලිම් සියලූ ජනයාට සමගියෙන් ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ  මහතා බව සියලූ දෙනා දැන් අවබෝධකරගෙන ඇතැයි ද මේධානන්ද නාහිමියෝ අවධාරණය කරති.

මේ දිනවල මදක් ගිලන්ව වැඩ සිටින එල්ලාවල මේධානන්ද  නාහිමියන් රෝහලේ සිට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙසේද කියති.

“අද වන විට අපේ රටේ ජාතික උරුමය ඉතා අවාසනාවන්ත ලෙස වනසා දැමිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි.යුද්ධය  ආරම්භවිමට පෙර හා යුද්ධය පවතින විටත්, එසේම යුද්ධයෙන් පසුවත් උතුරු නැගෙනහිර  මා විසින් පුරාවිද්‍යා ගවේෂණ රැසක් සිදුකර ඇත”

“එම ගවේෂණවලදි මා විසින් සොයාගත් හා මාගේ ගවේෂණයට ලක්වු බොහෝ පුරාවිද්‍යාත්මක ස්ථාන අදවනවිට සම්පුර්ණ වනසා ඇතිබව කිවයුතුය. ඉන් බොහෝ ඉපැරර්‍ණ දාගැබ් පොළවටම සමතලාකර කුඹුරු සකසා තිබිණ. තව බො⁣හෝමයක් චෛත්‍යය  සමතලා ⁣කර කෝවිල් ඉදිකර තිබිණ. ඉපැරර්‍ණ  ගල්කණු වැසිකිලි සෑදිමට යොදාගෙන තිබිණ. මෙම අවාසනාවන්ත තත්වය ගැන බලධාරින්ට කොතෙක් කීවත් එය බිහිරි අලින්ට වීණා වැනිමක් විය”

“නමුත් මට හැකි අයුරින් එම ස්ථාන ආරක්ෂා කරගැනිමේ වටිනාකම එම ජනයාට වටහා දුනිමි.කෙසේ වෙතත් මෙම උරුමයන් එක ජාතියකට අයත් වස්තුන් නොවන බව කිසිවකු තේරුම්ගෙන නොමැත. ඒ නිසාවෙන් ඒවා වනසාලිමට දෙමළ දේශපාලකයන් පවා මුල්විය. ඔවුන් ඒ තුළින් අපේක්ෂා කරනුයේ තම නිජබිම් සංකල්පය ස්ථීර කරගැනිමටය”

“මෑතකදි දෙමළ සංධානය ඉදිරිපත් කළ යෝජනාවලදිද පුරාවිද්‍යාත්මක ස්ථාන ඔවුන්ගේ පාලනයට ඉල්ලා සිටියේද ඒවා වනසාලිමේ අරමුර්‍ණන් බව පැහැදිලිය.මේ උරුමයන් සමස්ත රටවැසියා වෙත ආරක්ෂා  කර දිය යුතුය. ඒ සදහා දූරදර්ශි සංකල්ප ඇති එඩිතර, විනයගරුක නායකයෙකු රටට මේ මොහොතේදි අවශ්‍ය ය”

“අපේ රට පරසතුරු උවදුරුවලින් මුදාගැනිම සදහා අතිතයේදි පවා ජාතික වීරයන් මෙන්ම එඩිතර රජවරුන් පහළවිය.බොහෝ දෙනා දන්නා දුටුගැමුණු  රජතුමාද ඉන් ප්‍රධාන තැනක් ගනි. සිය සහෝදර සද්ධාතිස්ස  කුමරු නැගෙනහිර  පළාත සංවර්ධනය  කරද්දි දුටුගැමුණු  රජතුමා රටඑක්සේසත් කළේය.අපේ ඉතිහාසය එවන් විරුවන්ගෙන් පරිපුර්ණය”

“එබැවින් සිංහල දෙමළ මුස්ලිම් සියලූ ජනකොටස්වලට සමගියෙන් ජිවත්විමේ පරිසරය නිර්මාණය කරමින් රට සංවර්ධනය කළ හැකි, එසේම කිසිදු විදේශිය බලපෑමකට යටත් නොවිමට තරම් කොන්දක් ඇති නායකයෙකු වශයෙන් විශ්වාසකළ හැක්කේ  ගෝඨාභය රාජපක්ෂ මහතා පමර්‍ණ”

“උතුරේ යුද්ධය නිසා සාමාන්‍ය දෙමළ ජනයාට අපමණ දුක්ගැහැට විඳිමට සිදුවිය. ද්‍රවිඩ තරුණයන් මෙන්ම කුඩා දරුවන් පවා බලහත්කාරයෙන් කොටි ත්‍රස්තවාදීන් විසින් යුද්ධයට බඳවාගත් බව නොරහසකි. “

“අන්දමින් බලනවිට කොටි ත්‍රස්තයන්ගේ අමානුෂික ක්‍රියාවන් නිසා අනන්ත පීඩා විදි දෙමළ ජනයාට පවා අද නිදහසේ ජිවත්විමේ පරිසරය නිර්මාණය වුයේ පසුගිය රජය යුද්ධය අවසන් කළ නිසාය. ඒ බව සාමාන්‍ය දෙමළ ජනයාද   හොඳින් අවබෝධ කරගෙන සිටි”

“ගෝඨාභය රාජපක්ෂ  මහතා වැඩකර පෙන්වු නායකයෙකු මිස වැඩ කරන්නම් කියන නායකයෙකු නොවන බව රටවැසියා අවබෝධකරගෙන සිටියි. එතුමන්ගේ දේශපාලන ප්‍රතිවාදින් ලවා එය හොඳාකාරවම දන්නා කාරණයකි. මේ නිසා රට සංවර්ධනය කිරිමට, රටේ ජාතික ආර ක්ෂාව තහවුරු කිරිමට හැකි, අන්තවාදය තුරන්කළ හැකි මෙම නායකත්වය කෙරෙහි විශ්වාසය තබා කටයුතු  කරන මෙන් සියලූම දෙනාගෙන් ඉල්ලා සිටිමු”

“මේ අවස්ථාව වරද්දා නොගන්නට වගබලා ගතයුතුය”

“මෙය රටේත් ජාතියේත් අනාගතය ගැන සිතා (කායික ශක්තියෙන් දුර්වල මට්ටමක සිටියදි වුවත් ) මා කරන විශේෂ ඉල්ලීමක් බව කරුණාවෙන් සලකන්න”

යනුවෙන් මේධානන්ද හිමියන් පවසන ලදි.

Related posts

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමට විශේෂ විමර්ශන ඒකකයක් පත්කරමින් ගැසට් නිවේදනයක්

Admin

පළමු ඩිජිටල් උප්පැන්නය නිකුත් කෙරේ….

Admin

“අපි වසර දෙකක් ඇතුළත මහ බැංකුව ස්ථාවර කරා“ – අගමැති

colombotoday

ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්. නව නීතියට වහා යටත් වෙනු. උලමා සභාව මුස්ලිම් ජනතාවට කියයි

colombotoday

උදයංග වීරතුංගගේ වත්කම් විස්තර අධිකරණයට.. දේපළවලට එරෙහිව තහනම් නියෝග

colombotoday

Etisalat බංකොලොත් වෙයි.. අසාධාරණ ලෙස සේවකයන් නෙරපයි !

colombotoday