Colombo Today Local News

උදයංග වීරතුංගගේ වත්කම් විස්තර අධිකරණයට.. දේපළවලට එරෙහිව තහනම් නියෝග

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අයත් දොම්පේ ප්‍රදේශයේ ඉඩම් දෙකක් පැවරීම, උකස් කිරීම හා විකිණීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(19) අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක් නිකුත් කළේය.

ඔහුට අයත් බොරැල්ල, ඇල්විටිගල මාවතේ ට්‍රිලියම් රෙසිඩන්සිස් ගොඩනැගිල්ලද උකස් කිරීම, පැවරීම හා විකිණීම තහනම් කරමින් කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක් නිකුත් කෙරිණි.

මිග් යානා ගනුදෙණුවේ සැකකරුවෙකු ලෙස නම්කර ඇති උදයංග වීරතුංග මහතාට රුපියල් මිලියන 94ක වත්කම් ඇතැයි ඔහුට අයත් බැංකු ගිණුම් 8ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (18) අධිකරණයට වාර්තා කළේය.

Related posts

රාජ්‍ය ඇමැතිවරුන්ට වැඩ පවරා ජනපති චීනයට යයි

Admin

විදෙස් ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටප් ක්‍රමයක්

colombotoday

EPF – ETF ගැන වැඩ සම්මුතියෙන්

colombotoday

මුස්ලිම් ජනතාව ඉන්නේ ආණ්ඩුව ගැන කලකිරීමෙන්.. – නියෝජ්‍ය ඇමති හාරිස්

colombotoday

මුල්ලේරියාව රෝහලට චීනයෙන් නොමිලයේ PCR යන්ත්‍රයක්

colombotoday

ලංකාවට උදව් කරන්න ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ එකඟතාවක්

colombotoday