Colombo Today Local News

“ඒකාබද්ධය – එජාපය ප්‍රසිද්ධියේ චෝදනා කරගන්නේ ඩීල් එකකට” – අමරවීර කියයි

ඒකාබද්ධ විපක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ප්‍රසිද්ධියේ එකිනෙකාට දැඩි ලෙස චෝදනා කරගත්තද එයඔවුන් දෙපාර්ශවයේ අභ්‍යන්තර එකඟතාවක් මත සිදුවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (18) ශ්‍රීලනිප මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ප්‍රකාශ කරන්නෙත් ශ්‍රීලනිප කණ්ඩායමට ආණ්ඩුවේ ඇමතිධූර වලින් ඉවත් වී පැමිණෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය බලකරන්නෙත් එම එකඟතාවේ කොටසක් ලෙස යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසම පත් කළ මොහොතේ සිට මේ පාර්ශවයේ බලපෑම වැඩි වූ බවයි අමරවීර මහතා කියා සිටියේ.

ශ්‍රීලනිප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වූයේ නම් අද බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ ඇත්ත අනාවරණ නොවන අතර ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම එජාපය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවා ඔවුන්ගේ වංචා දුෂණ ද වසන් කිරීමට කටයුතු කරන බවයි මහින්ද අමරවීර මහතා සඳහන් කළේ. මොවුන්ගේ උත්සාහය රට ඉබාගාතේ යැවීම බව හෙතෙම කියා සිටියේය. කෙසේවෙතත් අද ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායමට චෝදනා කරන ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් පැවති මහ මැතිවරණයෙන් පසු ඇමතිකම් ලබා ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් සෑදීමට සිරිකොතටත් අරලිය ගහ මන්දිරයටත් ගිය බව අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

නිමල් ලෙව්කේට සමගි ජනබලවේගයේ වෘත්තිය‌වේදී බුද්ධි මණ්ඩප විශේෂ සාමාජිකත්වය

colombotoday

උදෑසන රැස්වීමට ආ බඹරුන් සිසුන් 45ක් රෝහලේ නවතයි. ගුරුවරයකුට අසාධ්‍යයි

colombotoday

ජනපතිට සත්‍ය වැටහීම ගැන සතුටුයි.. කතාව වගේම වැඩත් කෙලින්නම් හොදයි

colombotoday

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

colombotoday

හෙරොයින් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

ජනතාවට පටි තද කරගන්න කියා ඇමති රොත්තම අළුත් වාහන ගනී.. කෝටි 118ක ඇස්තමේන්තුවක්

colombotoday