Colombo Today Local News

උදෑසන රැස්වීමට ආ බඹරුන් සිසුන් 45ක් රෝහලේ නවතයි. ගුරුවරයකුට අසාධ්‍යයි

වවුනියාව බෝගස්වැව මධ්‍ය මහ විද්‍යාලයේ සිසුන් 45ක් හා ගුරුවරුන් තිදෙනකු බඹරුන් දෂ්ඨ කිරීමෙන් රෝහල ගත කළ බව බෝගස්වැව පොලිසිය පවසයි.

උදෑසන රැස්වීම අතරතුර බඹර ප්‍රහාරය එල්ලවී ඇති අතර බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් සිසුන් දෙදෙනකු හා එක් ගුරුවරයකු අසාධ්‍ය තත්වයෙන් සිටි බවද පොලිසිය සදහන් කරයි.

බඹරුන් දෂ්ඨකළ සිසුන් පිරිසක් පදවිය රෝහලට සහ සෙසු පිරිස වවුනියාව මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

සිසුන් හා ගුරුවරුන් බෝගස්වැව යුද හමුදා කඳවුරේ බස්රථයකින් හා වවුනියාව රෝහලේ ගිලන් රථ සහ සුව සැරිය ගිලන් රථ ඔස්සේ රෝහල් වෙත රැගෙන ගිය බව ද පොලීසිය පවසයි.

බඹරුන් දෂ්ඨ කිරීමෙන් වවුනියාව මහ රෝහලවෙත රැගෙන ආ සෙසු පිරිසගේ තත්වය බරපත නොවන බව ද වර්තාවේ.

Related posts

කොටි සැකකරුවන්ගේ පාපොච්චාරණ අහෝසි කරන්නැයි ජිනීවා කවුන්සිලය රජයට දන්වයි !

colombotoday

රනිල් බලය රැකගන්න කෝටි ගණන් ණය වී මන්ත්‍රීවරුන්ට වාහන් දීලා….

colombotoday

වර්තමානයේ තියෙන්නේ බොරුකාර රාජ්‍ය පාලනයක්

Admin

“ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන තිලංග කීවේ බොරු..” – දුමින්දගෙන් තිලංගට දොස්මුරයක්

colombotoday

සජබේ ඉන්න බුද්ධිමත් මෝඩයෝ මෙන්න

Admin

මධුර විතාන ගේ ආසනය මධුරිකාට

colombotoday