Colombo Today Local News

“උ/නැගෙනහිර එක්කර ෆෙඩරල් පාලනයකට ඉන්දියාවෙන් සහාය ඉල්ලුවා” – විග්නේෂ්වරන් හෙළිකරයි

vigneshwaran 262

උතුරු නැගෙනහිර පළාත් දෙක සදහා පෙඩරල් පාලන ක්‍රමයක් ලබාදීමට මැදිහත් වන මෙන් තමන් ඉන්දීය නායකයින්ගෙන් ඉල්ලා සිටි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්දියාවේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට උතුරු පළාතෙන් ගිය විද්වතුන් පිරිසක් ආපසු පැමිණීමෙන් පසුව ඔවුන්ව පිළිගැනීම පිණිස යාපනයේදී පැවති උත්සවයකදීය.

දෙමළ ජනතාව දේශපාලනික වශයෙන් ඉතාම භීෂණකාරී වටපිටාවක ජීවත් වූ අවස්ථාවේදී ඔවුන්ව බේරාගැනීමට ඉන්දියාව මැදිහත් වූ ආකාර විස්තර කළ ප්‍රධාන අමාත්‍යවරයා මේ අවස්ථාවේදීද ඉන්දියාව මීට මැදිහත්වන බව තමන් විශ්වාස කරන බවද කියා සිටියේය.

ශ්‍රී ලංකා රජය එදා දහතුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි තල්ලු වූයේ ඉන්දීය රජයේ බලපෑම මත බවද ප්‍රධාන අමාත්‍යවරයා පැවසී ය.

එහි ප්‍රතිපලයක් වශයෙන් බලතල රහිතව හෝ උතුරු නැගෙනහිර පළාත් දෙකට පලාත් සභා දෙකක් ලැබී ඇති බවද සදහන් කළේය.

යුද්ධය හමාරවීමෙන් පසුව දෙමළ ජනතාව යළිත් වරක් දේශපාලන කුණාටුවකට හසුවී සිටින බව පවසන විග්නේ‍්ෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට දේශපාලනමය විසදුමක් වශයෙන් ඇත්තේ පෙඩරල් විසදුමක් පමණක් බව ඉන්දියාව තේරුම් ගෙන ඇතැයිද කියා සිටියේය.

දිනසේන රතුගමගේ – වවුනියාව

Related posts

පාලමෙන් කැළණි ගඟට වැටුණු සැරයන් අතුරුදන්

Admin

බලපත්‍ර කාලය ඉක්මවූ, සාධනීය කාර්යයන් සිදුකර නැති විදුලිබල ව්‍යාපෘති බලපත්‍ර අහෝසි කරයි

Admin

දුම්රිය මැදිරි 120ක් ධාවනයෙන් ඉවතට

colombotoday

රන් භාණ්ඩ සොරකමේ ගිය අඹුසැමි යුවළක් අත්අඩංගුවේ

Admin

දුම්මලසුරිය සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ නිදහස් දින සැමරුමට වහබ් අන්තවාදී ප්‍රහාරයක්

colombotoday

“හයිඩ් පිටියේ රැළියට ආවෙ බේබද්දො… ආව සියළුදෙනා ශ්‍රීලනිපයෙන් එලවනවා” චන්ද්‍රිකා

colombotoday